(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට අද(12) අලූයම කඩා වැදුණු මංකොල්ලකරුවන් පිරිසක් එහි සිටි සේවකයෙකුට උල් පිහියක් පෙන්වා බියගන්වා පිරවුම්හලේ තිබූ මුදල් මංකොල්ලකා පළා ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊට සහභාගීවී ඇතැයි හෙළිවී තිබේ.
මංකොල්ලකා ඇති මුදල් ප‍්‍රමාණය කොපමණද යන්න මෙතෙක් අනාවරණයවී නැත.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශණ ආරම්භකර තිබේ.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.