නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් නවතා දැමුණු අභයන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත.
‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා හේතුවෙන් ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දැමුණු අතර එම සේවා මැයි මස 25 වැනිදා සිට ආරම්භ කරන බව එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි පැවැසීය.
‘‘මැයි 25 වැනිදා සිට සියලු මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම් සූදානම් විය යුතු’’ යැයි හෙතෙම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රට පුරා ක්‍රියාත්මක කළ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ඉන්දීය ආණ්ඩුව මාර්තු 25 වැනිදා සිට සියලු අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දැමීය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd