ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
එහෙත් එම සීමා නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි අතර දහස් ගණනක් වෙළෙඳපොළවල දක්නට ලැබිණි.
මේ තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.
පනවා ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට පොලිසිය පොලුවලින් පහර දෙන ඡායාරූප රැසක් ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය ඇතුළු පුවත් සේවා මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
ජනතාව ‘සෝෂල් ඩිස්ටන්සින්’ හෙවත් කායික දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ කඩසාප්පු ඉදිරියේ මීටරයක් ඈතින් හුණුවලින් රවුම් ද ඇඳ තිබිණි. ජනතාව කඩසාප්පුවලින් බඩු ලබාගැනීමේදී ඒ රවුම තුළ සිටිය යුතුය.
055



COMMENTS
අපේ රටටත් මෙ ටිකම අවශ්‍යයි. මොදිට කව්රුත් හිට්ලර් කියන්නේ නැහැ නේද? කෝ ඉන්දියාවේ විරුද්ද පක්ෂය කට අරිනවාද?
ඉන්දියාවේ හොරා පොලිස් !!!
ගහන හැටි දැක්කම හිනා යනවා. මෙහෙ ඇදිරි නීති කඩන අයටත් ඔය ප‍්‍රතිකාරයම දුන්නොත් නරකද?
ලංකාවට නරකද? ඉන්දියාවේ මෙන් රාලහමිලාගේ පිස්තෝලයට අමතරව මීටර් එකහා මාරක අඟලක් මහත වේවැලක් දෙන්න.
ලංකාවේ කරන්න ගියොත් නගෝ නඩ මානව හිමිකම් ගැන කතාකරයි. දැක්කානේ හමුදාව නිරෝධන කටයුතු වලට හවුල් වෙනවා කියලා ජීනිවා වලට පැමිණිලි කරන්න බලාගෙන හිටිය කට්ටිය..
ලංකාවෙත් නරකද හිරේට දාන වෙලේ, පොලු පාර දෙන එක.
ලංකාවේ මේක පටන්ගන්න තිබුනේ ඉතාලියෙන් ආපු සෙට් එකට ගුවන් තොටුපලේදීම අල්ලාගත්තනම්...