ඉන්දියාවේ චෙන්නායි නගරයට සහ ඊට යාබද දිස්ත්‍රික්ක 3 කට නැවත අගුලු දැමීමේ සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශවල ජීවත් වන්නන්ට අත්‍යවශ්‍ය සේවා සහ සිල්ලර වෙළෙදසල් පමණක් පවත්වාගෙන යාමට බලධාරීන් අවසර දී තිබේ.
ලබන 30 වැනිදා දක්වා මෙම අගුලු දැමීමේ සීමා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් මේ වනවිට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50000 කට අධික වන අතර ඉන් 37000 ක් පමණ පිරිසක් වාර්තා වී ඇත්තේ අගනගරය වන චෙන්නයි ප‍්‍රාන්තයෙනි.
වෛරසය හේතුවෙන් එම ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 600 කට අධික වන අතර චෙන්නායි නගරයෙන් මරණ 260ක් වාර්තා වී තිබේ.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අගුලු දැමීමේ සීමා යළි පැනවූ ඉන්දියාවේ එකම නගරය චෙන්නායි වේ.
ලොව සිව්වැනියට වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර එම සංඛ්‍යාව 380532 කි.
වයිරසය හේතුවෙන් එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 12573 ක් වේ.
බීබීසී ඇසුරෙනි
226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් අසංවර ජනතාවක් ඉන්නකොට කිසිවක් පාලනය කරගන්න බෑ. මේ රටේ මිනිසුන් සාමාන්‍යයෙන් පෝළිමකවත් හරියට යන්නෙ නෑ. ඒකත් පනිනවා.
ලබන මාසයේ පාසල් පෙළපොත් මුද්‍රණය කරන ආයතන වල සේවයට ඉන්දීය ජාතිකයන් බොහොමයක් පැමිණීමට නියමිතයි.. ඔවුන් හරහා රෝගය පැතිරීමේ විශාල අවදානමක් පවතී