IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 93 දක්වා ඉහළට

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද(15)  වනවිට 93 දක්වා ඉහළ ගොස් තිබේ.

දිල්ලි සහ කර්නාටක ප්‍රාන්තවලින් පුද්ගලයකු බැගින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත 12කට වයිරසය ව්‍යාප්ත වී ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රෝහල්වලට කොරෝනා රෝගීන් වෙනුවෙන් විශේෂයෙන් වෙන් කරන ලද වාට්ටු පවත්වාගෙන යාමට එරට රජය උපදෙස් දී ඇත.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  සාක් කලාපීය රටවල නායකවරුන් සමඟ වීඩියෝ මගින් සමුළුවක් පැවැත්වීමට යෝජනා කර තිබූ අතර, ඊට ඔවුන් අනුමැතිය පළ කර තිබිණි.

තම ආණ්ඩුවේ කිසිවකු විදේශගත නොවන බව අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක පැවසූ අතර,  අනවශ්‍ය ලෙස සංචාරය නොකරන ලෙසටද, කණ්ඩායම් ලෙස එක් රැස් නොවී, කලබල නොවී සිටින ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.

මේ වනවිට තෙලෙක්ගාන, දිල්ලි, හිමාචල් ප්‍රදේශ්, උත්තර්කන්ද්, රාජස්ථාන් සහ ගෝවේ හි පාසල් වසා දමා තිබේ. කර්නාටක ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ ආයතනවල සේවය කරන්නන්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරත වන්නැයි උපදෙස් දී ඇත.

ඉන්දියාවේ ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගියද, ආසාදිතයන් 7දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

(හින්දුස්ථාන් ටයිම්ස්)



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 93 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site