IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉන්දියාවෙන් ආසාදිතයන් 13,000ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) වාර්තා වූ අතර එම ගණන 13,586ක් විය.

අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 13,000 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව ද එය විය.

ලොව සිවුවැනියට වැඩිම ‘කොවිඩ්-19’ ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන ඉන්දියාවෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,80,532ක් ලෙස දැක්විණි.

වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන අද (19) වනවිට 1,63,248ක් වූ අතර සුවය ලබා පිටව ගිය ගණන 2,04,711ක් විය.

ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ‘කොවිඩ්-19’ ආසාදිත මරණ 336ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා ආසාදිත මරණ ගණන 12,573ක් දක්වා ඉහළ ගියේය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,20,504ක් දක්වා ඉහළ ගියේය. ඊට පසුව තමිල්නාඩුවෙන් ආසාදිතයන් 52,334 දෙනකු , දිල්ලියෙන් ආසාදිතයන් 49,979 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 25,601 දෙනකු අද පස්වරු වනවිට හඳුනාගෙන තිබිණි.

 

එන්.ඩී.ටීවී.

 

055 

 



අදහස් (0)

ඉන්දියාවෙන් ආසාදිතයන් 13,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site