(ටී.කේ.ජී.කපිල )
ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
අද (21) දින උදෑසන 8.00 ට ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ගරුඩා ගුවන් සේවයට අයත් ජී.ඒ.-9820 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කෙරිණි.
ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මෙම ගුවන් මගීන් අතර කොරෝනා ආසාදිත ගුවන් මගීන් සිටී දැයි විමසිලිමත් වෙමින් සොයා බලන්නට වූහ .
පසුව මෙම ගුවන් මගීන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , විශේෂ බස් රථ යොදා ගෙන නීරෝධායන කටයුතු සදහා , එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කළහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd