කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිරුණු ඉතාලිය අගුලු දැමීමේ ක්‍රියාවලිය මැයි මාසය දක්වා පවතිනු ඇතැයි එරට සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානී ඇන්ජෙලෝ බොරෝලි පවසා ඇත.

"මේ තත්ත්වය මැයි 1 වැනිදා වනවිට විසඳේවි කියා මම විශ්වාස කරන්නේ නැහැ, තත්ත්වය පාලනය කිරීම සඳහා අප දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. අවාසනාවට මැයි මාසය දක්වා අගුලු දැමීමට සිදුවේවි." යැයි ඔහු පැවසීය.

ඉතාලියේ අත්‍යාවශ්‍ය නොවන සේවා හා සමාගම් වසා දැමීම ද මේ සතියේ නැවත දීර්ඝ කරන ලදී.

ලොව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එය 13,915කි.

ලෝකයේ දෙවන ස්ථානයට පත්වෙමින් ඉතාලියේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 115,242ක් වාර්තා වී ඇත.

මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වන්නේ ඇමරිකාවේය. එය 245175කි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)