IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉකුත් 24 පැයේ ඇමෙරිකාවේ කොරෝනා මරණ 4500 ක්

බ්‍රහස්පතින්දා (17) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 4,500කට ආසන්න පිරිසක් මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.


ගෝලීය ආර්ථික අර්බුදයක් මෙන්ම සෞඛ්‍ය අර්බුදයක් ද නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන එයයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය බ්‍රහස්පතින්දා එනම් ඊයේ (16) රාත්‍රියේ නිකුත් කර තිබූ දත්තවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 32,917ක් ලෙස දැක්විණි. එහෙත් පෙරේදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී මරණ 4,491ක් වාර්තා වීමත් සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 33,000 ඉක්මවා ගියේය.

කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

අද (17) පස්වරු 6 වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 671,425ක් වූ අතර එරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 33,286ක් ලෙස දැක්විණි.

හින්දුස්තාන් ටයිම්ස්

055  



අදහස් (1)

ඉකුත් 24 පැයේ ඇමෙරිකාවේ කොරෝනා මරණ 4500 ක්

Ashoka Saturday, 18 April 2020 07:08 AM

"ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය බ්‍රහස්පතින්දා එනම් ඊයේ (16) රාත්‍රියේ නිකුත් කර තිබූ දත්තවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 32,917ක් ලෙස දැක්විණි. එහෙත් පෙරේදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී මරණ 4,491ක් වාර්තා වීමත් සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 33,000 ඉක්මවා ගියේය."..?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site