IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’ඇමෙරිකාව වයිරසය පැති⁣රීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකියි’

ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වයිරසය පැතිර යෑමේ ‘නව කේන්ද්‍රස්ථානය’ බවට පත්විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑම ඊට හේතු වී තිබේ.

අද (24) පස්වරු වනවිට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 593 කි. 

එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන්ගේ ගණන 46,450කි.

"ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව පෙනෙන්නට තියෙනවා. ඒ නිසා වසංගතය ව්‍යාප්ත වන නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකාව පත්වීමේ අවදානමක් තියෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාගරට් හැරිස් ප්‍රකාශ කළාය.
 
‘ද ගාඩියන්’
 
055
 



අදහස් (2)

’ඇමෙරිකාව වයිරසය පැති⁣රීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකියි’

Devinda Uduwara Tuesday, 24 March 2020 04:20 PM

අවකාශය හරහා වයිරසය පැතිරෙනවද?

:       2       1

පිටිගල මිලානෝTuesday, 24 March 2020 08:16 PM

අන්න එකයි ගුවන්තොටුපොළවල් වහලා ලොක්ඩවුන් කරන්න ඕනේ. ලොක්ඩවුන් එක අවශ්‍ය වෙලාවේ ඉතාලියේ වුනේ නැහැ. කණගාටුයි කියන්න මෙහෙ ජීවිත දැන් නැතිවෙන්නේ මැස්සෝ මඳුරුවෝ ගානට. රෝහල්වල ධාරිතාව පැන්න ගමන් ඒ රට යකාගේ ලෝකයක්....! අන්න එකයි කියන්නේ බත් ටිකක් තම්බගෙන කාලා හරි ගෙවල් ඇතුලට වෙලා කාලයට යන්න ඉඩ දෙන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site