වෛද්‍ය සැපයුම්වල හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගැනීමත් සමඟ රෝගීන් දෙදෙනකුට එක් ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර රෝහල් තීරණය කර ඇත.
දැනට පවතින ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) නවීකරණය කර එලෙස රෝගීන් දෙදෙනකුට එක් යන්ත්‍රයක් භාවිත කිරීමේ තීරණය ගෙන ඇති නමුත් ඇතැම් වෛද්‍යවරු එය අවදානම් යැයි අනතුරු අඟවා ඇත.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ, නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
කොරෝනා වයිරසය පෙනහලුවලට බලපාන රෝගයක් වන අතර දරුණුම අවස්ථාවලදී ඉන් සිදුවිය හැකි හානිය ඉතා විශාලය. කොරෝනා වයිරසය හේතුවෙන් සති කිහිපයක් ඇතුළත නිව්යෝක් නගරයෙන් වාර්තා වී ඇති මරණ ගණන 281 ක් වන අතර එම නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන 22,000කි.
නිව්යෝක් නගරය තුළ වෛද්‍ය සැපයුම් හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් හටගෙන ඇත. මේ හේතුවෙන් ව්‍යවසනකාරී තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි ද නිව්යෝක් බලධාරීහු ප්‍රකාශ කළහ.
නිව්යෝක් නුවරට තවත් ඇත්තේ ස්වසන සංවාතන යන්ත්‍ර සීමිත ප්‍රමාණයක් බවත් තව දස දහස් ගණනක් අවශ්‍ය බවත් වාර්තා වේ. මේ තත්ත්වය හේතුවෙන් දැනට පවතින යන්ත්‍ර නාලයක් සවි කර රෝගීන් දෙදෙනකුට භාවිත කිරීමට නිව්යෝක් බලධාරීහු තීරණය කර ඇත. මෙය සෞඛ්‍යාරක්ෂිත නැති බවත් අවදානම් සහගත බවත් ඇතැම් වෛද්‍යවරු මෙන්ම විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
‘‘අපි මේක කරන්නේ අත්හදා බැලීමක් විදියට. සෞඛ්‍ය සැපයුම් හිඟයි. වෛද්‍ය කාර්යමණ්ඩලය දිවා රෑ නොබලා වැඩ කරනවා’’ යැයි නිව්යෝක්/ප්‍රෙස්බිටීරියන් රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ක්‍රෙයිග් ස්මිත් පැවැසීය. මෙම රෝහල නිව්යෝක් නුවර තිබෙන ප්‍රධානතම රෝහල්වලින් එකක් වන අතර මෑන්හැට්න් හි පිහිටි කොලොම්බියා විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධිතව පවත්වාගෙන යයි.
‘‘එක් වෙන්ටිලේටර් යන්ත්‍රයකින් ආරක්ෂිතව රෝගීන් දෙදෙනකුට ස්වසන ආධාර සපයනවා’’ යැයි ද වෛද්‍ය ස්මිත් කීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන ෆෙඩරල් ආයතනය ඉකුත් දා ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) නවීකරණය කිරීම සඳහා අවසර දුන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය උපකරණ හා උපාංග නිෂ්පාදනය නියාමනය කරන්නේ එම පරිපාලනයයි. ඒ අනුව තත්ත්වය බරපතළ රෝගීන් සඳාහා මෙම ක්‍රමය භාවිත කෙරේ. කෙසේ වුවත් නිෂ්පාදකයන් සෑම විටම ආරක්ෂාව සම්බන්ධයෙන් ෆෙඩරල් ආයතනය දැනුවත් කළ යුතු යැයි ද එම ආයතනය නිෂ්පාදකයන්ට නියෝග කර ඇත.
ෆෙඩරල් ආයතනයේ තීරණයට ඇතැම් වෛද්‍ය සංගම් දැඩි විරෝධය පළ කර ඇත.
‘‘දැනට පවතින උපාංග හා උපකරණවලින් මෙය ආරක්ෂිතව කරන්න බැහැ. රෝගීන් දෙදෙනකුට එක් යන්ත්‍රයක් භාවිත කරන්න බැහැ’’ යැයි ‘ඇමෙරිකන් ඇසෝෂියේෂන් ෆෝ රෙස්පිරේටරි කෙයාර්’ , ‘සොසයිටි ඔෆ් ක්‍රිටිකල් කෙයා මෙඩිසින්’ ඇතුළු තවත් වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇතැම් අවස්ථාවලදී ‘තීව්‍ර ස්වසන අවරෝධන සහලක්ෂණය’ හෙවත් ඒ.ආර්.ඩී.එස්. රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා හොඳින් වැඩිදියුණු කරන ලද ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්) එක් රෝගියකු සඳහා කළමනාකරණය කරගත නොහැකි අවස්ථා උදාවන බව ද එම ඒකාබද්ධ නිවේදනයේ දැක්විණි.
ඕනෑම රෝගීන් දෙදෙනකුට එලෙස එක් යන්ත්‍රයක් භාවිත නොකරන බවත් සමාන ස්වසන අවශ්‍යතා ඇති රෝගීන් දෙදෙනකුට පමණක් එක් යන්ත්‍රයක් භාවිත කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ස්මිත් කීය.
‘‘මේ දේ කරනවා නම්, මේක ඉතාම පරෙස්සමෙන් කරන්න ඕනෑ. සෑම විටම විමසිල්ලෙන් ඉන්න ඕනෑ. එහෙම නැත්නං හොඳක් කරන්න ගිහින් අන්තිමට වෙන්නේ ලොකු හානියක්’’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ග්‍රෙගරි නේමන් පැවැසීය.
රොයිටර්
055
ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ
පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඇමරිකාවේ රෝගීන් දෙදෙනකුට එක ස්වසන සංවාතන යන්ත්‍රයක්
jayath Friday, 27 March 2020 11:38 AM
මේ රටේ මිනිස්සු තේරුම් ගතයුතුයි. නමුත් සමහරක් එහෙම නොකරන සත්‍යය මේකයි. ඒ රටෙත් වෙන්ටි ලේටෙර්ස් හිඟනම් ඉතාලියේ වයස 50 වැඩි අයට වෙන්ටිලේටර්ස් නොදෙන තරමට රෝගීන් වැඩිනම් රටේ මේක ැතිරුනොත් අපි මොකද කරන්නේ? මේක තවත් විසාලා මහනුවරක් වෙනවා සිකුරුයි . සමාජ දුරස්ථභාවය රකින්න කියල කට කැඩෙනකම් කිව්ව්වත් ගානක් නැහැ.