කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීම සඳහා නිව්යෝක් ප්‍රාන්තය නිරෝධායනය කිරීම සඳහා සලකා බලන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
ඒ අනුව නිව්යෝක් ප්‍රාන්තයට සහ නිව් ජර්සි හා කනෙක්ටිකට් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශ සඳහා සති දෙකක නිරෝධායන කාලයක් ක්‍රියාත්මක කිරීමට සලකා බලමින් ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම අදහස ඔහු සිය ට්විටර් ගිණුමෙන් ද සනාථ කර තිබුණි.
කෙසේ වුවත් නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෲ ක්යුමෝ මහතා පැවසුවේ අමෙරිකානු ජනපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවලදී මෙම කරුණ ඉස්මතු නොවූ බවයි.
එය නීතිමය වශයෙන් බලාත්මක කළ හැක්කේ කෙසේදැයි තමන් නොදන්නා බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
නිව්යෝක් ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 52000 ඉක්මවන බව ආණ්ඩුකාරවරයා පැවසීය.
නිව්යෝක් ප්‍රාන්තය වෛරසය පැතිරීමේ අමෙරිකානු කේන්ද්‍රස්ථානය වී ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(අල්ජසීරා ඇසුරෙනි)
-226-
2025 නොවැම්බර් මස 04
367
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තය නිරෝධායනය කෙරේ
රත්නසේන Sunday, 29 March 2020 03:06 PM
සලක සලක ඉන්න... සේරටම හැදෙනකන්. දැන්වත් ඇඳිරි නීතිය දාල මිනිස්සු බේර ගන්න. ආර්ථිකයක් හදන්න මිනිස්සු ඉතිරි වෙලා ඉන්න එපැයැ...
Kumar Sunday, 29 March 2020 03:09 PM
නිව්යෝර්ක් ප්‍රාන්තයට එවැන්නක් කලොත් මහා ආණ්ඩුව එම ප්‍රාන්තයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමක් බව ප්‍රාන්ත රජයේ නායකයා ට්‍රුම්ප්ට දැනුම්දීමෙන් පසු එම අදහස අතහැර දමා තිබේ. ප්‍රාන්ත රජය ස්වාධින රජයන් හැටියටයි සලකන්නෙ. සියලුම ප්‍රාන්ත තම කැමැත්තෙන් එක්වීමෙන් මේ රට සැදිලා තිබෙන්නෙ