ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් දේශපාලකයන් "කොවිඩ්-19" වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය පතුරමින් සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව කටයුතු කළ යුතු මොහොතක ඇමෙරිකානු දේශපාලකයන් වසංගතයට එරෙහිව චීනය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් "අසත්‍ය" සහ "කුමන්ත්‍රණ න්‍යාය" පතුරුවමින් කටයුතු කරන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
"කොරෝනා වයිරසය තවමත් පැතිරෙමින් තිබෙනව. එවැනි මොහොතක ඇමෙරිකාව තුළ දේශපාලන වයිරසයක් ද පැතිරෙමින් තිබෙනවා.
එය කනගාටුවට කරුණක්. ලැබෙන සෑම අවස්ථාවකදීම චීනය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරනවා" යැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද පැවැසීය.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරසය නිපදවලා, ලෝකෙටම කොරෝනා වෛරසය පතුරවපු චීන්නු දැන් ලෝකෙට බණ කියනවා. චීන කොළණිවල ජීවත්වෙන මොඩයින්ට රස විඳින්න නම්, හොඳයි ඔය වගේ කතා...
ගණන් ගන්න එපා. මරුවිකලෙන් කෑ මොර දෙනවා. කොහොමත් ඉතින් ලෝකෙට ලොක්කොනේ. ලෝකෙන්ම හොඳ දේවල් ඔක්කොම ඒගොල්ලන්ගේනේ. හිතේ අමාරුවත් ඇති.
ඒකට අපේ අය.... කියන්නේ ඇත්‍තමයි. බොරුවක් නිකමටවත් කියන්නේ නැහැ.
අප මේ ඇමරිකාවට පක්ෂව කතා කරනවා නොවෙයි. හරි,චීනය නිවැරදි නම්, ඇයි ඇමරිකාවේ චෝදනා වලට පිළිතුරු දීමට මෙතරම් ප්‍රමාද උනේ? චීනය නිදා සිටියාද ? කන් බිහිරි වෙලා තිබුණාද මෙපමණ කලක් ? වයිරසය හැදූ අත්අඩංගුවේ සිටින ඇමරිකානු විද්‍යාඥයා බොරුද කියන්නේ? චීන විද්‍යාඥවරිය වයිරසය චීනෙට ගෙනා බවත්, චීනෙන් ඔහුට විශාල ලෙස මුදල් ගෙවීම ගැන ඇමරිකාව සතු සත්‍ය තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට හැකිනම්,තමන් වැරදි බව ඔප්පු කරන ලෙස හඬක් නැඟුවේ නැත්තේ ඇයි ? ඇමරිකාව දැක්වූ එකම හෝ අභියෝගයකට නිර්භයව මුහුණ නුදුන්නේ මන්ද ? අර සිද්ධියට අදාළ චීන කාන්තාව අත් අඩංගුවට ගන්න බැරි ඇයි ? ඇය ඇමරිකාවේ නොසිටි බව ගුවන් තොටුපොළ හරහා සනාථ කරන්නට නොහැකි ඇයි ? ලොව දන්නේ නැති චීනාගේ රහස් ඇමරිකාව සතුව තියෙනවා.දැන් චීනා බයවෙලා.ලෝක යුද්ධයකට යාම හොඳ නැහැ. ඒත්, ලොවේ බලවත් රටවල් එකතුවෙලා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි.මේක විහිළුවක් නෙමෙයි.හොඳට තිබුණු ලෝකය නැසූ වයිරසයක් ගැන කෙරෙනා පර්යේෂණයක්.ලොවට සත්‍ය හෙළිවිය යුතුයි.
ඇමරිකාව හැමදාම යන්නේ ඔය පාරේ. තමන්ට වූ හානිය නොපෙන්වන්න අනුන්ට ඇඟිල්ල දික් කරනවා. වෛරසය වැලඳිම වැඩියි කියන්නේ තමන්ට අභිමානයක් කියලා කියපු නායකයෙක් ඉන්න රටක්...!
කොරෝනා වෛරසය පටන් ගත්තේ චීනය කියන එක අසත්‍ය තොරතුරක්ද? ඊට වැඩි දෙයක් ඇමෙරිකාවෙ ඉන්න අපට දැනගන්න ලැබිලා නැහැ. ඔයගොල්ලන්ගේ ඒ වසංගතය නිසා ලක්ෂයක් පමණ සෙනගකට ජීවිත අහිමි වුණු එක තමයි රහස.. චීනයට හොඳින් සැලකුවාට ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියා සිතන්න එපා.
අමෙරිකාව පැත්තකින් තියන්නකෝ. ඇයි ඔස්ට්‍රේලියාව අපක්ෂපාතී පරීක්ෂණයක් තියන්න කියූ ගමන් ඕස්ට්‍රේලියානු බාර්ලිවලට 80%ක බද්දක් ගැහුවේ? ඇයි ඕස්ට්‍රේලියානු භාණ්ඩ හා සේවාවලට වර්ජනය කරනවා කියලා තර්ජනය කරන්නේ? ඇයි චීන අලුත් අවුරුදු ඉවර වෙනකම් බලා හිටියේ පිටරට වලින් ආ මිලියන ගණනක් තමන් ආ රටවලට ආපසු යනකන්ම... ඇයි මිනිසුන්ගෙන් මිනිසුන්ට රෝගය බෝ වෙන්නේ නෑ කිව්වේ?...