IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඇමෙරිකාවේ කොරෝනා මරණ 5,000 ඉක්මවයි

කොරෝනා වයිරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 5,100 ඉක්මවා තිබේ.

රෝගය පිළිබඳ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනුව මේ බව අනාවරණය වී ඇත.

අමෙරිකාවෙන් මේ වන විට දිනකට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 25,000 ඉක්මවා තිබේ.

වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති නිව්යෝක් නගරයෙන් මේ වන විට මරණ 1,300 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 884 ක් වන අතර එය වාර්තාගත අගයකි.

වෛරසය ආසාදනය වූ සති 6 ක් වයසැති බිළිඳෙකු ද මියගිය බව අමෙරිකානු සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

ඒ අනුව වෛරසය හේතුවෙන් අමෙරිකාවේ වාර්තා වූ ළාබාලතම ආසාදිතයාගේ මරණය මෙය ලෙස සැලකේ.

ෆ්ලොරිඩා, ජෝර්ජියා හා මිසිසිපි ප්‍රාන්ත වසා දැමීමේ නියෝග අලුතින් නිකුත් කර ඇත.

ප්‍රාන්ත වසා දැමීමේ නියෝග හේතුවෙන් අමෙරිකානු ජනගහනයෙන් සියයට 75 කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිවෙස්වල සිරවී සිටිති.

අමෙරිකාවේ පුද්ගලයින් 240,000 ක් පමණ වෛරසය ආසාදනයෙන් මියයා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.


(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (2)

ඇමෙරිකාවේ කොරෝනා මරණ 5,000 ඉක්මවයි

කොරෝනා 19 Thursday, 02 April 2020 07:20 AM

අමෙරිකාවේ නිදහස් සෙෳඛ්‍ය සේවයක් නැහැ. අමෙරිකානුවන් ගෙදරට ඇතුල්වනවිට පාවහන් ගැලවීමේ පුරුද්දක් නැහැ. අපිරිසිදු පාවහන් ඉදගන්නා පුටුවේ සිට නිදන ඇද මතත් පාවිච්චි කරනවා. මේ නරක පුරුදු වසංගතය බෝවීමට වැඩිවශයෙන් බලපානවා ඇති.

:       0       60

wije Thursday, 02 April 2020 09:19 AM

හදට රොකට් යැවුවා. වෙන ග්‍රහලෝක ගැන හෙවුවා. මිසයිල හැදුවා , පරමාණු බෝම්බ හැදුවා. හැබැයි තමන්ගේ රටේ සෞඛ්‍ය ගැන හෙවුවේ නැහැ. කාටහරි ගහන්න ඕන උනහම බොරු හේතු හදල ගැහුවා. පරමාණු බෝම්බ ගැහුවා. කිසිම හිතක් පපුවක් නැතුව දහස් ගණන් මිනිස්සු මරලා දැම්ම. දැන් ස්වභාවධර්මය නඩු අහන්න පටන් අරගෙන තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 129 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 217 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site