ඉන්දිකා රාමනායක
ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිසෙන් 20,926 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
මින් 8170 පිරිසකට අධිකරණය මගින් දඩුවම් නියම කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
ඉකුත් මාර්තු මස 20 දින සිට මේ දක්වා දිවයින පුරා කි‍්‍රයාත්මක කළ නිරෝධායන ඇදිරිනීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 65,930 දෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම කාලය තුළ වාහන 18,614 ක ප‍්‍රමාණයක් පොලිසිය බාරයට ගෙන තිබිණි.
අද (26) පෙරවරු 6.00 අවසන් වු ගත වු පැය 24 ඇතුළත් දී පමණක් පුද්ගලයන් 1543 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 445 ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් නඩු, දික්කසාද නඩත්තු නඩු වැහි වැහැලා... ඒවා එකක් විසඳන්න වසර 5ක් සාමාන්‍යයෙන් ගතවෙනවලු. මේවගේ විශේෂ අවස්ථාවල නඩු පවරලා හැමෝම අමාරුවේ දාන්නේ නැතුව පොලිසියෙන්ම විසඳගන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණා නම් තමයි හොඳ. ලොකු දඩයක් ගැහුවා නම් පොලිසියට ගෙවිය හැකි පරිදි... බොරුවට උසාවිවල රස්තියාදු කරන එක හොඳ මදි... මේ කාලේ... අනෙක උසාවිවල අයටත් තර්ජනයක්... නීතිඥයින්ට විතරයි හොඳ මේකෙන්...
ඔක්කොටම කලින් මේ නීතියට කියන නම සොයාබලමු.. අඳුරු කාලයේ මේකට කියන්නේ මොන නීතියද, දවල් දොළහටත් කියන්නේ ඇඳිරිය කියලද? මෙච්චර පණ්ඩිතයෝ ඉන්න රටේ දවල් 12ට තියන නීතිය කොහොමද ඇඳිරි නීතිය වෙන්නේ? ඉක්මනට හොයලා බලමු මේකට කියන නම රටෙන් බාගයක් විශ්ව විද්‍යාල කාරයෝ දවල් 12ට තියන නීතියට කියන්නේ ඇඳිරි නීතියද? අපි නම් ඕවා දන්නේ නැහැ.. අපි ඉස්කෝලේ ගියේ නැති හින්දා විගහට හොයලා බලලා හරිගස්ස ගම්මු.. ලැජ්ජාවේ පණයනවා.