IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇඳිරියේදී සේවය කරන ලංගම රියදුරන්ට- කොන්දොස්තරවරුන්ට සෞඛ්‍යාරක්ෂණ පහසුකම්

(නිමන්ති රණසිංහ)
 
ඇදිරි නිතීය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට පැමිණෙන ලංගම බස් රථවල සියලූම කොන්දොස්තර සහ රියැදුරුවරුන් සදහා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැලසිමට පියවර ගන්නා ලෙසට විදුලිබල බලශක්ති හා ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව බස් රියැදුරු සහ කොන්දොස්තරවරුන්ට අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් මෙන්ම අත් සේදුම් විෂ්බීජානුහරණ ද්‍රව්‍ය සැපයීමද තීරණය කර ඇතැයි ද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
එසේම, බරපතල අභියෝගයක් මැද කටයුතු කරන බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ සේවය ඇගැයීම සදහා ද පියවර ගන්නා ලෙස ද, හැකිනම් ඔවුන්ට අමතර දීමනාවක් ද ලබා දීම ටඅවශ්‍ය කටයුතු සළසන්නැයි ද අමාත්‍යාවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ ස`දහන් වේ.
 
ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය නොකරන බැවින් එම සංගම් සමඟ සාකච්ඡුා කර සුදුසු වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි ද වැඩිදුරටත් එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දක්වා ඇත.
 
ඇදිරි නිතිය ලිහිල් කරන ලද ප‍්‍රදේශවල පොදු ප‍්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධව අමාත්‍යවරයා, අදාළ නිලධාරීන් සමග ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේදී අද(28) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වි තිබේ.



අදහස් (0)

ඇඳිරියේදී සේවය කරන ලංගම රියදුරන්ට- කොන්දොස්තරවරුන්ට සෞඛ්‍යාරක්ෂණ පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site