(එච්. චන්දන )
ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව තවත් තිදෙනෙකු සමග වාහනයකින් ගමන් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පුත්තලම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
තවත් තිදෙනෙකු සමග වාහනයකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මීගමුව - කොච්චිකඩේ ප්‍රදේශයේදී මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් විසින් එම පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයාට හෝ ඔහු සමග සිටි සෙසු පුද්ගලයින් තිදෙනාට ඇදිරි නීති බලපත්‍ර තිබී නැත.
රාජකාරි හැදුණුම්පත භාවිතා කරමින් ඔවුන් පුත්තලමේ සිට ගමන් කර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව අදාල පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 07 වැනිදා සිට අත්හිටුවීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබේ.
2025 නොවැම්බර් මස 04
309
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්
jagath Wednesday, 08 April 2020 05:19 AM
මෙවැනි පැමිනිලි ගැන ක්‍රියාත්මක වෙනවාද? එසේ පැමිනිලි කල තැනුත්තාගේ ආරක්ෂාව සම්බන්ධව වගකියනවාද?
Ruwan Wednesday, 08 April 2020 07:50 AM
හොද වැඩක්
ලුම්බිණි Wednesday, 08 April 2020 08:16 AM
මේක මෙහෙම වුණත් මහජන රැස්වීම් තියපු අයට කිසි දඬුවමක් නැහැ.
wije Wednesday, 08 April 2020 09:31 AM
රටේ නීතිය ආරක්ෂා කරන්න ඉන්න අයම මේ විදියට නීතිය කඩනවානම් මොන තරම් අවාසනාවන්ත තත්වයක්ද ?