කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා තිබූ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ ඔස්ට්‍රියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් සමාව ඉල්ලා තිබේ.
රාත්‍රී 11.00 වන විට අවන්හල් වසා තැබිය යුතු බවට නියමකර ඇති අවස්ථාවක මධ්‍යම රාත්‍රිය පසුවී තිබුණ ද ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තවත් ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකු සමඟ අවන්හලක සිටියදී ආරක්ෂක වෙත හමුවී තිබුණි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔස්ට්‍රියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිට ඇති අතර එයතමන් අතින් සිදුවූ අත්වැරදීමක් බව ප්‍රකාශ කර තිබේ.
එම අවස්ථාවේදී කාලය ඉක්මවා යාම සම්බන්ධයෙන් නිසි අවබෝධයක්තමන් තුළ නොතිබූ බව පවසන ජනාධිපතිවරයා අවන්හලේ කීර්ති නාමයට යම් හානියක් සිදුවුවහොත්එහි වගකීම තමන් භාරගන්නා බවයි ප්‍රකාශ කර ඇත්තේ.
ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැඳී සිටි අවන්හලට ඇදිරි නීති කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත අමෙරිකානු ඩොලර් 30,000 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
ගාඩියන් ඇසුරෙනි ( 125)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම ගැන ඔස්ට්‍රියාවේ ජනපති සමාව ඉල්ලයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 10:28 AM
බලන්න, මොනතරම් නිහතමානී ජනනායකයින්ද...? අන්න ඒකට අපේ අය නේද...?
Ght Tuesday, 26 May 2020 01:01 PM
ඇඳිරිනීතිය වෙලාවේ පවුල් පිටින් ආශීර්වාද ගන්න හිසතෙල් ගානවා...