(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව මෙම තීරණය හෙට (10) දින සිට කි‍්‍රයාත්මක කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්විම සදහා පොලීසිය විසින් ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට රට තුළ ඇදිරිනීතිය පනවනු ලැබූ අතර, දිස්ති‍්‍රක් අතර සංචරනය විම වැලැක්විම සදහා වන නිතිය ද හදුන්වා දෙනු ලැබ තිබිණී.
COMMENTS
නියමයි. තව කෑම බිල ගෙවන්න ඕනේ. සියලුම වියදම් ගන්න ඕනේ. දඩය ගහන්න බැරිද ? වැඩිය පහසුකම් දෙන්න එපා. බුදු සරණයි !
මේ එක අයෙකුගෙන් රු.25000.00ක දඩ මුදලක් අය කරගෙන කොරෝන අරමුදලට බැර කරන්න කටයුතු කරන්න. නැතිනම් මේ හරකුන්ව හදන්න බෑ. නිකම් තියාගෙන කන්න බොන්න දෙනවා කිව්වොත් දැන් පවතින තත්වය උඩ මොවුන් තව තවත් නීති කඩ කරන්න පුළුවන්....
ඇඳිරි නීතිය අතරේ අවුරුදු උත්සව රූගත කරපු නාලිකාවට ඔය නීතිය නැතැයි?
ආශාවට සිරි නරබන්න යනවා නොවෙයි, අවමගුලකට රෝහලකට රෝගියෙක් බලන්න කුලී වැඩක් කරපු මිනිහෙක් වැඩකට..., මන් දන්නා මේසන් කෙනෙක්. ඊයේ වට්ටක්කා තම්බල දරුවන්ට කන්න දුන්නේ...