(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසයත් සමග ඇතිවී තිබෙන අර්බුදය හමුවේ රට තුළ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තීන්දු ගන්නේ වෛද්‍යවරුන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තමා නැතිව තීන්දු නොගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද දහවල් පැවති අතර, කොරෝනා වසංගතය පැතිර යාමේ වත්මන් තත්ත්වය ඇදිරි නීතිය, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
COMMENTS
ඇඳිරි නීතිය දිගටම මාසයක් දාලා , මිනිස්සු පාරට යන්න ඕන නැහනේ මෙන්න මේ ටික පහසුවෙන් කරන්න පුළුවන් 1.ආහාර තියෙන ගමේ හෝ නගරේ කඩවල් වලට ඩිලිවරි පමණක් කරන්න කෙලින්ම අවසර දෙන්න . දවසට එක වතාවක් ආහාර ද්‍රව්‍ය අවශ්‍ය සැම නිවසකටම ඩිලිවරි කරන්න අවසර දෙන්න 2.පාමසි ටික ඇරලා තියන්න , මීටර් 10ක් ඇතින් උනත් ඉන්න පුළුවන් හැමදාම විව්ර්තව තිබුනම ලොකු සෙනගක් නැහැ 3.සැම බැංකුවකම හවස 6 සිට රාත‍්‍රී 12 වෙනකන් ඇරලා තියන්න. බැංකු කටයුතු අවශ්‍ය අය පමණක් එම කාලය තුල නගරයට පැමිණේවි , පරතරය තියාගන්න පුළුවන් 4. රජයෙන් කලයුතු වන්නේ දුප්පත් මිනිස්සුන්ට හමුදාවපොලිසිය මාර්ගයෙන් ආහාර ලබා දීම පමණි...
සෑම් ඔබ හරි... ඒත් ඔය කියන විදිහට තමා කලින් තිබ්බේ කෝ කරාද? නැහැ... අපේ මිනිසුන්ට නිදහස දුන්නම රවුම් ගහනවා ඇවිදිනවා ඕක නිසා තමයි වැහුවෙ....
දැන් හැමෝම බනින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට, නමුත් ඒ නොදියුණු මිනිස්සුන්ව මේ නොහික්මුණු තත්වයට පත් කලේ කවුද කියල කියන්න කවුරුවත් කැමති නැහැ.
ලෝකයේ සෑම රටකම ජනතාව මේ වනවිට සිටින්නේ ජිවිත පිලිබදව දැඩි අවදානමක වේ.
චිනේ වගේ රටවල මිනිස්සු පරම්පරා ගණනාවක් රෙජීමය යටත් ජීවත්වෙලා පුරුදුවෙලා ඔවුන්ව ලොක්ඩවුන් කරන එක විශාල ප්‍රශනයක් නොවේ , ලංකාවේ, ඉන්දියාවේ , යුරෝපයේ මිනිස්සු චීන ජාතිකයන් වගේ පාලනය කරන්න බැහැ ,චීන රජය ලොක්ඩවුන් කල ප්‍රදේශ වල ජනතාවට් අවශ්‍ය සියලු දෙයක්ම දුන්න , අපි අපේ රටම ලොක් ඩවුන් කරගෙන , මිනිසුන්නට අවශ්‍ය අහර ද්‍රව්‍ය , බෙහෙත් ටිකවත් ක්‍රමවත්ව දෙන්න බැරුව මොකද කරන්නේ ? පසුගිය කලේ අපේ රටට පැමිණි අපේ පුරවැසියන් රටට ඇතුල්වීමේදී ආරක්ෂක අංශ වලට ලබාදුන්න ලිපිනයේ ඔවුන් සිටිනවද යන්නවත් අපට හොයා ගන්න බැහැ. එක නිසා අප ඔවුන්ට කියනවා නැවත ලියාපදිංචි වෙන්න කියලා.
දොස්තරලා කියපු විදියට වැඩ කලා නම් මේක මෙච්චර දුරදිග යන්නේ නැහැ
එදිනෙදා කුලී වැඩ කරලා ජීවත්වුණු මිනිස්සු ගැනයි මෙහෙම දිගටම ඇදිරිනීතිය දැම්මම ඒ මිනිස්සු රස්සාව කරගන්නේ කොහොමද කියලයි ඔය කවුරුවත්ම කිසිම දෙයක් කතා කරන්නේ නැත්ද?
ඇඳිරි නීතිය සහ ලොක් ඩවුන් අතර වෙනස මෙහෙම පැහැදිළ කරන්න පුළුවන්. ලොක් ඩවුන් කියන්නේ බුද්ධිමත් ජනතාවකට ගෙවල් වලට වෙලා ඉන්න කියපුවම ඉන්න ජනතාවක් ඉන්න රටකට දමන එකක්. ඇඳිරි නීතිය කියන්නේ මිනිස්සුන්ට බෙහෙත් ගන්න පාමසි ඇරියම විජය රජ්ජුරුවන්ගේ කාලේ බෙහෙත් තුණ්ඩුවක් තියන් ටවුන් එකේ රස්තියාදු ගහන ජාතියේ මිනිස්සු ඉන්න රටකට දමන එකක්. ඉතින් සෑම් මහත්තයාගේ තියරිය මේ රටේ ඉන්න සම "හරක් "එක්ක කරන්න බැහැ
ඔබතුමා ගන්නා ක්‍රියා මාර්ග නිවැරදියි. ඉදිරියටත් ඔය ආකාරයටම කටයුතු කරන්න. අපේ පුර්ණ ගෞරවය ඔබතුමාටත්, ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සෞඛ්‍ය අංශයටත් නිතැතින්ම හිමිවෙනවා.
ෆේස් බුකියට ලියන අයට අපි ඔය ගැන ලීවා. ඔවුන් හිතන්නේ ජනාධිපති තුමා ප්ලේන්ටී එකක් බොන ගමන් මේ තීන්දු තීරන ගන්න වා කියලා ඒ ඔවුන්ගේ දැනීම.