(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ 18 හැවිරිදි ප්‍රත්‍රයා ද මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම දරුවාගේ උගුරේ සෙම පැටලීම සහ හිසරදය පැවතීම හේතුවෙන් ඒ බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමත් සමඟ රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත අතර දරුවා කිසිදු අසාධ්‍ය තත්වයක් පෙන්නුම් නොකරන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රජයෙන් නෑ කිව්වා නේද ? දැන් මොකද කියන්නේ ?
මේ රටේ මිනිස්සු කොරෝනා වලටනම් හරියට බයයි. ඒක සාධාරණයි. ඒත් මේ රටේ තියෙන දුගද හමන කුණු ගොඩවල් එමටයි. බස් නැවතුම් පොළවල් වල බුලත් කෙළ පිරිලා. අපේ මිනිස්සු බවක් බවක් නැතුව පාරවල් දෙපස කැළි කසළ දානවා. විදේශිකයින් එහෙම නෑ. ඔවුන් ටොෆි කොළය සාක්කුවේ දාගෙන ගොස් කුණු කූඩේට දානවා. අපේ මිනිස්සුන්ගේ වැඩ නිසා කොරෝනා වලට වඩා ලෙඩ අපිට බෝ වෙන්න පුළුවන්.
ඔයා තාමත් රජයෙන් කියන දේවල් විශ්වාස කරනවද?