ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 7 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 27 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ආධාර කොරෝන මර්ධනයට ලැබිල තිබෙනවා , මෙම මුදල් භාවිත කරලා ස්වසන යන්ත්‍ර 500 වත් වහාම ගෙන්නවා ගන්න ඇනවුම් කරන්න .
ජනාධිපතිතුමනි, පිළියමක් යොදවන්න මෙකට...