කොරෝනා වයිරසයේ දැඩි පැතිරීම හේතුවෙන් සියලු අභ්‍යන්තර හා ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සැප්තැම්බර් 1 වැනිදා දක්වා අත්හිටුවීමට ආර්ජන්ටිනාව පියවර ගෙන ඇත.
ආර්ජන්ටිනාව වෙතට, ආජෙන්ටිනාවෙන් පිටතට හෝ ආජෙන්ටිනාව තුළ ගමන් කිරීමට වාණිජ ගුවන් යානා සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තහනම් කරමින් එරට ජාතික සිවිල් ගුවන් සේවා පාලනාධිකාරිය ඊයේ නියෝගයක් නිකුත් කළේය.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මෙහි අරමුණ වන්නේ ආර්ජෙන්ටිනා බලධාරීන් විසින් අනුමත නොකරන ලද ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ගුවන් සමාගම් ලබාදීම වැළැක්වීමයි.
මීට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර ගුවන්සේවා නියෝජිතායතනය ආජෙන්ටිනා රජයට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ නියෝගය මගින් ද්විපාර්ශ්වික ගිවිසුම් උල්ලංඝනය වන බවත් රටේ තුන්ලක්ෂයක පමණ පිරිසකගේ රැකියා අවදානමට ලක්කරන බවත්ය.
මේ අතර ආර්ජන්ටිනාව නියෝගය ගුවන් සේවා කර්මාන්තයට අනුකූල නොවන බව ලතින් අමෙරිකානු සහ කැරිබියානු ගුවන් ප්‍රවාහන සංගමය පැවසුවේය.
බොහෝ දකුණු අමෙරිකානු රටවල් වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් කිසිදු රටක් ආජෙන්ටිනාව මෙන් දිගු කාලයක් එය පවත්වාගෙන යාමට ක්‍රියාකර නොමැත.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලෙඛන අනුව ආර්ජන්ටිනාව මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 4,000 කට ආසන්න වන අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 192 කි.
නිරෝධායන සීමා හේතුවෙන් ආජෙන්ටිනාව එරට පදිංචිකරුවන් නොවන පුද්ගලයින් සඳහා මාර්තු මාසයේ දේශසීමා වැසීමට ද කටයුතු කළේය.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ජන්ටිනාව මාස 4 කට ගුවන් ගමන් නවත්වයි