ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
 
 අද(11) දිනයේදී මේ වන විට 7 දෙනකු හමුවීමත් සමඟ  ආසාදිතයන් ගණන මෙසේ ඉහළ ගොස් තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 533 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 321 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.