(ඩයනා උදයංගනී)
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් හැකිතාක් ඈත්වී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් පවතින නිසා මෙම ඉල්ලීම කරන බව අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
ඇඳුම් අලෙවි කරන ස්ථානයන්හි ඇති ඇඳුම් විවිධ පුද්ගලයින් විසින් ඇල්ලීම මෙන්ම ඇඳ බලා තබායාම ආදිය සිදුවන බැවින් අවුරුද්දට පෙර කරන ඇඳුම් මිලදී ගැනීම මෙවර මග හැරීම සුදුසු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
එමෙන්ම ගමන් බිමන් යාම හා ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් හැකිතාක් ඈත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීවේය.
අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
තෙරපිලා කෝච්චි සහ බස්වල රැකියාවට යාමත් භයානකයි.
තවම බැරිවුණා ලංකාවට එන චීන්නු, නිරෝධනයට යොමු කරන්න. නමුත් අපිට කියනවා අවුරුද්දට ඇඳුම් ගන්න යන්න එපා කියලා...
දැන් සනීපද දන්නෑ...?
ඔව් ඔව්.. ඒක තමයි කරන්නම ඕනෑ වැඩේ. පඹයෙක් වගේ වැඩ නොකර ඇයි හරි තීරණයක් කෙලින් කියා ගන්න බැරි? දේශපාලකයින්ට ඕනෑ දේ නොකියා ඇත්ත කිව්වා නම් හොඳයි නේද? ඇඳුම් ගන්න එක නවත්වන්න කලින් නවත්වන්න ඕන ලොකුම දේ මැතිවරණය.. ඒ වගේම නිවාඩු දින ගණන දීර්ඝ කරලා මිනිස්සු එක්රැස් වෙන එක අවම කරන්න ඕන තත්වය යම් තරමකට හරි පාලනය කරගන්න.
වෙළඳසල් වලින් නඩු දමාවි ආණ්ඩුවට මිනිසුන්ට එන්න එපා කියනවා කියලා...