අයර්ලන්තයේ අගුලු දැමීමේ ක්‍රියාවලිය මැයි 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අගමැති ලියෝ වර්ඩ්කාර් පවසයි.
වසංගතය පැතිරීම මන්දගාමී වී ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇති බැවින් මෙම තීරණය ගත් බවද හෙතෙම පවසා ඇත.
අයර්ලන්තයේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 8 089ක් වාර්තා වන අතර මරණ 288ක් සිදුවී තිබේ.
කෙසේ වුවද සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ දෛනික රෝගීන් වාර්තා වීම 15% සිට 9% දක්වා පහත වැටී ඇති බවයි.
අයර්ලන්තයේ බාර්, ආපන ශාලා සහ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසැල් වසා දමා ඇත.
තම නිවසේ සිට මීටර් දෙකකට වඩා දුර ගමන් නොකරන ලෙසත් මිතුරු හමුවීම් සිදු නොකරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.
රට තුළ අත්‍යාවශ්‍ය නොවන සියලුම සංචාර තහනම් කර ඇති අතර පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත.
"අප කරමින් සිටින දෙය දුෂ්කර නමුත් නොපසුබස්නා උත්සාහයෙන් අප ඉදිරියටම යා යුතුයි. ඒ අතර අපගේ විනය පවත්වාගත යුතුයි. මැයි 05 වනදායින් පසු අගුලු දැමීම ලිහිල් කිරීමට බලාපොරොත්තු වන නමුත් එය රඳා පවතින්නේ ඉදිරි සති දෙක තුළ සිදුවන්නේ කුමක්ද යන්න මත සහ රජයේ වැඩපිළිවෙලට මිනිසුන් දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ගේ හැසිරීම අනුවය." යනුවෙන් අගමැති වරඩ්කාර් රූපවාහිනී දේශනයකදී පැවසීය.
අයර්ලන්තයේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති හදිසි මැතිවරණයේදී වැඩ බලන අගමැති ලෙස වරඩ්කාර් මහතා පත්විය.
විශ්‍රාමිකයින් වෙසෙන සාත්තු නිවාස වලින් රෝගීන් වාර්තා වීම සම්බන්දව සෞඛ්‍ය අංශ සැලකිලිමත් වන අතර රටපුරා ඇති මෙවැනි නිවස 550කින් 135ක රෝගීන් සහ මරණ වාර්තා වී තිබේ.
අගුලු දැමීමේ ක්‍රියාවලිය හේතුවෙන් කම්කරුවන් 219 000කට අධික පිරිසකට රැකියා අහිමි වී ඇත.
කෙසේ වුවද අගුලු දැමීම ලිහිල් කිරීමට පෙර පරීක්ෂණ ධාරිතාව ඉහල නැංවිය යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
308
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයර්ලන්තයේ අගුලු දැමීම මැයි 05 දක්වා දීර්ඝ කරයි