(නිමන්ති රණසිංහ)
කොරෝනා රෝගය වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ලබා ගැනීමට පැමිණී පුද්ගලයකු හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරු ඇතුලු කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු වයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (06) පැවසීය.
ඉකුත් 03 වැනිදා සවස කොළඹ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ සිට පැමිණ සිටි මෙම පුද්ගලයා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා බාහිර රෝගී අංශය වෙත පැමිණ තිබූ බවත් ඔහු තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට දැන දැනම ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබූ බවත් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේය.
මෙම තැනැත්තාට බෙහෙත් ලබාදුන් වෛද්‍යවරයා ඇතුලූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු හදුනා ගැනීමෙන් පසු ඔවුන් නිරෝධායනය සඳහා වයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද (06) පෙරවරුවේ පිටපත් කර යැවූ බවද වෛද්‍ය දිසානායක මහතා සඳහන් කළේය.
එසේම, රෝගය අසාදනය වූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ කොරෝනා ඒකකය වෙත යොමු කළ බවත්, මේ වන විට අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර සේවා සමාන්‍ය පරිදි සිදුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 නිරෝධායනයට
සේන Monday, 06 April 2020 10:37 AM
ඇයි මේ මිනිසුන් තිරිසනුන් වගේම හැසිරෙන්නෙ ?
lalithm Monday, 06 April 2020 12:07 PM
ලෙඩෙක් නම් තමයි. එහෙත් කල දුෂ්ට පාපී ක්‍රියාව නිසා වටින්නේ මරණීය දණ්ඩනයට. වෙන කිසිවකින් සෑහීමට පත් වෙන්න බැහැ.
මිත්‍රයා Tuesday, 07 April 2020 01:04 AM
මේක සංවිධානය කරල කරන වැඩක් කියල හිතෙන්නෙ මට විතරද?