(මහින්ද නිශ්ශංක )
හෙට සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස් රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3 200 ක් සූදානම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් නිරැන්ඩා මහතා පවසයි.
ඒ අනූව ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පෞද්ගලික බස් රථ 3200 ක් ලියාපදිංචි වී තිබෙන බවත් මගීන්ගේ අවශ්‍යතාවය අනූව එම බස් රථ ධාවනයේ යොදවන බවත් ඒ මහතා පැවසීය.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අන්තර් පළාත් බස් රථ ධාවනය සිදුකෙරෙන අතර එම බස් රථ අවිස්සාවේල්ල, පානදුර, නිට්ටඹුව, මීගමුව සහ කොට්ටාව දක්වා ධාවනයේ යෙදෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටට කරුණක්. කොරෝනා නරක බව ඇත්ත. ඒත්, අපට බස්වල තැලී,පොඩිවී,මිරිකී වවුලන් සේ එල්ලී යාම තහනම් කොට දැම්මා. බස්කාරායන්ව මට්ටු කළා. ඒක කිසිම රජයකට කරන්නට බැරිවුණා. හැම රජයම බස්කාරයන්ට බයවුනා.ඒත්,කොරෝනා බස්කාරයන්ව නම් නියමෙට මට්ටු කරා.මෙයින් තවත් දේ සිදුවුණා.ඒ තමයි මෙදාපොටේ ලෙල්ලට පාගලා ඉස්සරහා සිටින මගින් ටික ගන්න අනිත් බස් එක්ක රේස් යන්න ඕනේත් නැහැ.ඒ නිසා මඟීන්ගේ ජීවිතත් අවදානමක නැහැ. ඒත්, කොරෝනා නැති කාලෙක මේ තත්ත්වය මෙසේම තබා ගැනීමට අප කව්රුත් හොඳින් සිහිතබා ගතයුතුය.ඒ මන්ද යත් දේශපාලකයින්ටත් බස් තිබෙන නිසා පෙර තත්ත්වය නැවතත් ඇතිවිය හැකියි. අවධි බුද්ධියෙන් සිටිමු.