IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අතරමැදියා වෙනුවට ඩිජිටල් තාක්ෂණය

ගොවියාපාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා  අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
 
වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු සේවා සැපයුම්, තොග සැපයුම්කරුවන්,තොග ගැනුම්කරුවන්, භාණ්ඩ එකතුකරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැනුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි බෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව  සම්බන්ධයෙන් එහිදි දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ. 
 
කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබා දීමටද මින් අපේක්ෂා කෙරේ.
 
පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධ වීමේ හැකියාව තිබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි පෙන්වා දුන්නේය.
 
මෙහි අවසන් ප්‍රතිඵලය භව බෝගයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ද ජනාධිපතිවරයා කීය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමට ද ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගතහැකි බව මෙහිදි පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබා ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීවේය.
 
රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මේ ක්‍රමය දායක කරගත හැකි බව කී ජනාධිපතිවරයා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බව ද කීවේය.
අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද සාකච්ඡාවට එක් වූහ.
 
055

 



අදහස් (3)

අතරමැදියා වෙනුවට ඩිජිටල් තාක්ෂණය

Thanamalwila kollek Thursday, 30 April 2020 02:13 PM

ඔක රනිල් කිව්වානම් ජෝකර් කෙනෙක් ගානට දානවා... සර් කියන නිසා හොදයි..

:       0       41

dhammika perera Thursday, 30 April 2020 10:39 PM

ඔය ඔක්කොම කරන්න තමයි දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානේ ඇරියේ. නමුත් ඒක එතුමාට කරන්න ලැබුනේ නෑ.

:       0       0

Sandun Friday, 01 May 2020 06:29 AM

දැනටමත් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 244 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 394 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site