(මොහොමඩ් ආසික්)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැඟණියගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදමින් සිටි පුද්ගලයෙකු අද (05) අත්අඩංගුවට ගත්බව අලවතුගොඩ පොලිසිය පැවසීය.
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක අත්‍යවශ්‍ය සේවා යන දැන්වීම සවි කරගෙන අලවතුගොඩ පූජාපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ මෙම මොටර් රථය පොලිසිය පරීක්ෂා කර තිබේ.
එම මෝටර් රථයේ කිසිදු අත්‍යවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට සලකුණක් හෝ නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු සිය නැඟණියගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදමින් සිටිනු හඳුනා ගැනීමට හැකිව තිබේ.
ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත අතර මේ සඳහා යොදා ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.
COMMENTS
කරුණාකර අප අපගේ සිත්වලට එකගව මොහුගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේද? අනිත් කරුණ වන්නේ මෙවන් අවදානම් අවස්තාවක මගුල් උත්සවයක් කෙසේ පවත්වන්නේද යන්නවත් තේරුම් ගැනීමට මොලයක් නොමැති කෙනෙක් නොවේද මේ? අත්‍යඅවශ්‍ය සේවා ලේබලය ද පාවිච්චි කරන්න තරමට මෙම නිවට සුනඛයා කෙසේ බලගතු වුයේද? අප තරයේ විස්වාස කරනවා මෙම කලකන්නියාට උපරිම දඩුවම් ලැබේ යන්න.
බලන්න මුස්ලිම්ද කියලා?
මෙවැනි පුද්ගලයින්ට දැඩි දඩුවම් දියයුතුයි. එතැනින් නොනැවතී එය ප්‍රසිද්ධ කලයුතුයී. එයට හේතුව, මෙවැනි මෝඩ තකතීරු ක්‍රියාකාරකම් තවත් මෙවැනිම මෝඩයෙක් අනුගමනය කරනවාමයී. ඒ අනුව මෙවැනි ක්‍රියා සමාජයේ පිළිලයක්සේ වැඩීවීමට බොහෝ ඉඩකඩ ඇත. මුලු මනුෂ්‍ය සන්හතීයම මුහුනදී සිටින මෙවැනි භයානක අවස්ථාවක මෙවවැනි තකතීරුවන්ට දඬුවම් දියයුත්තේ අනික් අයටද පාඩමක් කියාදෙන අටියෙනි.
ණයවෙලා මඟුල් කාලා යුග ජීවිතේ පටන්ගන්න මිනිසුන්ට මේකත් දෙයක්ද?
බය වෙන්න එපා එච්චර මොලයක් නැහැ මේ වගේ මෝඩ දෙයක් වත් කරන්න. මන් හිතන්නේ මැන්ට අන් තට්ට්ටුවක් බැඳලා හන්දියක තියන්න ඕන
මොවුන්ව අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ කෙලින්ම අංගොඩ යවන්න ඕන.
රටට මෙච්චර විනාශයක් වෙලා මිනිස්සු එදාවේල හොයාගන්න රස්සාවකට යන්න විදියක් නැතුව දහදුක් විදිනවා. මේ නිසා මේ රටේ මිනිස්සුන්ට මැරෙන්නයි වෙන්නේ.