(මොහොමඩ් ආසික්)
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේම කාන්තාවකගේ අවමඟුල් උත්සවයකට සහභාගී වී ඇති බැවින් එහිදී එම අවමඟුල් උත්සවයට සහභාගී වූ පිරිස්වලට ඉදිරිපත් වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉල්ලා සිටී.
මධ්‍යම පළාතේ පළමු නව කොරෝනා වයිරසය ආසාදිත රෝගියාගේ භාර්යාව සහ ලේලියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වීමෙන් පසුව ඔවුන් ආගිය තැන් පිළිබඳව සොයා බැලූ සෞඛ්‍ය අංශවලට ඔවුන් දෙදෙනා පසුගිය 21 වනදා තෙළඹුගහවත්ත ප්‍රදේශයේම සිදු වූ කාන්තාවකගේ අවමඟුල් උත්සවයකට සහභාගී වී ඇති බව අනාවරණය වී ඇත.
එම මළ ගෙදරට ගොස් වයිරසය ආසාදිත කාන්තාවන් සමඟ කතා බහ කළ පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පරීක්ෂණ ආරම්භ කරනු ලැබ තිබේ.
මෙම පිරිස් හඳුනා ගැනීමට අවශ්‍යව ඇත බැවින් වහාම ඔවුන් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වන ලෙසත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සහ පොලීසිය ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්තු 20 සිකුරාදා ඉඳන් දිවයිනපුරා ඇඳිරිනීතිය තිබ්බ නම් 21වෙනිද මළගෙදර ගියපු හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. බෙහෙත් නැතුව, කෑම නැතුව එලියට බැස්සහම අල්ලන්න වුනත් ඒ මිනිස්සු කරන්න දෙයක් නැතුව එලියට බහින්න්නේ. හැබැයි තමන්ගේ ස්වයන් විනයක් නැත්නම් පල්ලි වල ඥාච්නා සහ මළගෙවල් පොලිසියටත් පාලනය කරන්න අමාරුයි. ඕක වෙලා තියෙන්නේ ලංකාවේ එක නීතියක් කාලයක් තිස්සේ නැති හින්ද නීතිය ගණන්ගන්නේ නැති කොට්ටාශයක් ලංකාවේ දිගටම බිහිවුන හින්ද . එකට හේතුව කියන්න ඕනේ නෑනේ .
මියගිය කාන්තාව මොන හේතුවෙන්ද මියගියේ ?