IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


ව්‍යවස්ථා සභාවේ රෙදි ගැලවූ ජනපතිගේ ප්‍රහාරය

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂාව වුව ද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කර ගැනීමය. ආණ්ඩුවේ ඉලක්කය ජනාධිපතිවරණය බව ඔවුන් කියන කරන දේවලින් ද හොඳටම පැහැදිලිය. ජනාධිපතිවරයා මීට සති තුන හතරකට කලින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළේ ද පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්විය යුතුය යන දැඩි ස්ථාවරයෙනි. එහෙත් එජාපය ඒ සඳහා කල්මරණ ප්‍රතිපත්තියක සිටින බව ද හොඳින්ම පෙනෙන්නට තිබේ.


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම ගිය බද‌ාද‌ා උදේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වූවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ. එහිදී වැඩි අවධානයක් යොමුවුණු මාතෘකාව වූයේ ද පළාත් සභා මැතිවරණයයි. පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයට පවත්වන්නේ ද නැතිනම් අලුත් ක්‍රමයට පවත්වන්නේ ද යන කාරණයේ දී ආණ්ඩුවේ අදාළ පක්ෂවල සමහරුන් කීවේ අලුත් ක්‍රමයට පැවැත්වීම සුදුසු බවය. මහින්ද කීවේ කුමන ක්‍රමයකට තැබුව ද ගැටලුවක් නැති නමුත් ඡන්දය කඩිනමින් පැවැත්වීම අවශ්‍ය බවය. අවසානයේ තීරණය වූයේ මීළඟ පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා ද කැඳවා මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගැනීමටය. එයින්ද පෙන්නුම් කරන්නේ පළාත් සභා ඡන්දය ගැන තීන්දුවක් ගැනීම තවදුරටත් කල්යනු ඇත යන්නය.


හුණුපිටිය ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ අවසන් දිනය වූ ඉකුත් පසළොස්වක පොහෝ දිනයේ පෙරහැරේ කරඬුව තැන්පත් කිරීමට ජනපති මෛත්‍රීත්, විපක්ෂනායක මහින්දත් එකට සහභාගි වූහ. එජාපයෙන් සාගල රත්නායකත්, රුවන් විජයවර්ධනත් සහභාගි වූ අතර මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, ජොන්ස්ටන් ඇතුළු පිරිසක් විපක්ෂය වෙනුවෙන් සහභාගි වූහ. ජනාධිපතිවරයා හස්තිරාජයා මත කරඬුව තැන්පත් කළ අතර මහින්ද ඊට එක්ව කරඬුවට මල් පූජා කළේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහනේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ගිය සතියේ පැවැත්වූවේ ගම්පහ, හේනේගම ප්‍රදේශයේ හෝටලයකය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනපති මෛත්‍රීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එම රැස්වීමට සහභාගි වී සිටීම කාගේත් අවධානයට ලක්වූයේ මෛත්‍රී මහින්ද එකතු වීමෙන් පසුව මෛත්‍රී සහභාගි වූ රැස්වීමකට හිටපු ජනාධිපතිනිය සහභාගි වූ පළමු අවස්ථාව ද එය වූ බැවිනි. එජාපයේ ජෝන් අමරතුංග, හර්ෂණ රාජකරුණා, අජිත් මාන්නප්පෙරුම වගේම මහ ඇමැති ඉසුර දේවප්‍රිය ඇතුළු ශ්‍රීලනිප නියෝජනය කරන මහජන නියෝජිතයෝ පිරිසක් ද ඊට සහභාගි වූහ. හිටපු ජනාධිපතිනිය මැති ඇමැතිවරුන් සමඟ ඉදිරිපෙළ අසුනේ වාඩි වී සිටි නමුත් ජනපති මෛත්‍රී සමඟ වචනයක් හෝ කතා කරනු දක්නට නොලැබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීට තිබුණේ දැඩි විවේචනයකි. විශේෂයෙන්ම මෑත කාලයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථා සභාවේ හැසිරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීගේ දැඩි විවේචන එල්ල විය. පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ යෝජනාවක් ද ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා පසුගිය කාලයේ ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් කළ විවේචනාත්මක ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි.


හම්බන්තොට පැවැති දකුණු පළාත් ග්‍රාම ශක්ති වැඩසටහනේ මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගි වූ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනමින් අවසන් කර බද‌ාද‌ා දහවල් හදිසියේ කොළඹ බලා පිටත් වූයේ ද එදින හවස පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ විවාදයට එක්වීමේ අපේක්ෂාවෙනි. හවස 3.00 ට පමණ පාර්ලිමේන්තුවට ආ ජනපති මෛත්‍රී කෙළින්ම සභාවට ගියේ විවාදය සඳහා කතාව ද පෙළගස්වා ගනිමිනි. ඒ වන විටත් ජනාධිපතිවරයාට දැනගන්නට ලැබුණේ එජාපයේ ඇමැතිවරයකු සහ මන්ත්‍රීවරයකු කලින් දිනයක ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් අල්ලා ගෙන තමා විවේචනය කර ඇති බවකි. ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කරනවාත් සමගම විපක්ෂනායක මහින්ද ද සභාවට පැමිණ ඉදිරිපස පේළියේ සිය ආසනයේ ඉඳගත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට සහාය පළකරමිනි. ජනාධිපතිවරයා විනාඩි 53ක් තිස්සේ සිය කතාව කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැඩිව විවේචනය කළේ එය දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාත්මක වන ආයතනයක් බවට චෝදනාවක් ද කරමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා කළ ජනාධිපතිවරයා කීවේ විධායකයත් ව්‍යවස්ථාද‌ායකයත්, අධිකරණයත් පාලනය කරන්නේ ව්‍යවස්ථා සභාව බවය.


ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට විපක්ෂයෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. සිය කතාව හමාර කර පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත ජනාධිපතිවරයා ගියේ තවත් කටයුතු කිහිපයක් යොද‌ාගෙන තිබූ බැවිනි. ජනාධිපතිවරයා සමග ගිය විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කීවේ ‘සර් අපට කියාගන්න බැරි බොහෝ දේවල් සර් කියූ බවය. මෛත්‍රීගේ කතාවෙන් පසුව මහින්ද ද සභාවෙන් පිටව ගියේය. ‘දැන් සර්ත් කතා කරනවාදැයි එළියට එන ගමන් ඩිලාන් පෙරේරා ඇසුවේ විපක්ෂනායක මහින්දගෙනි. මට දැන් කතා කරන්න දෙයක් නෑ. ජනාධිපතිතුමා කියන්න ඕන ටික ඔක්කොම කිව්වනේ.’ මහින්ද හිනාවෙමින් කීවේය.


මේ අතර ජනපති මෛත්‍රී විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන අයට සිය කතාව අවසන් කරද්දී උත්තර දෙන්නට ද අමතක නොකළේය. ‘2015 දී බලයට ඇවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල මම කිව්වා. ඒක කරන්න ඕන පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුව ගන්න ඕනම තීරණයකට මම සහාය දෙනවා’ යැයි ජනාධිපතිවරයා කීවේය.

 



අදහස් (0)

ව්‍යවස්ථා සභාවේ රෙදි ගැලවූ ජනපතිගේ ප්‍රහාරය

ඔබේ අදහස් එවන්න

 

 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 615 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 852 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 693 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 511 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 444 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 394 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 78 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 877 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site