එදා එනවිට සමු අරන් මම අම්මෙ ඔබගේ දෙපා වැඳලා
කීව ඔවදන් ඒ මෙහෙතෙ ඇත අම්මෙ මාගේ සිතේ රැඳිලා
ගෙවන කාලය ඇවිත් ඈතට අම්මෙ මම මේ කතරෙ ඉඳලා
ඇදෙන්නේ නුඹෙ රැවයි අම්මේ මගේ දෙනුවන් අතර මැවිලා
පියා මියගිය පුංචි සන්දියේ නුඹව ළඟ තනිකර දමාලා
අම්මා මැදපෙරදිග ගියත් නෑ කිසිමවිට වෙනසක් කරාලා
පෙව්වා නුඹ මට ළයට උනනා රතු රුධිරෙ නුඹෙ කිරි කරාලා
සදා මා ණයගැතියි නුඹ හට අම්මේ පවසමි හඬ නගාලා
කුසට අහරක් නෙතට නින්දක් නැතිව දිව රෑ වෙහෙසිලා
රටේ හොඳ නමගත් අයෙක් ලෙස ඉන්න හොඳ දේ පෙන්නලා
නොහිමෙනා රන් තාරාකාවක් විලස මගේ ලොව බැබළිලා
නුඹේ මුළු ජීවිතය සැමදා මා නිසාවෙන් කැපකළා
සියක් අායුෂ අරන් නුඹ තව බොහෝ කල් ජීවත් වෙලා
මගේ තනියට ළගින් ඉනුමැන නුඹ මහා පවුරක් වෙලා
ලබන මා පැසසුම්ද අවමන් සම සිතින් නුඹ ඉවසිලා
උපදිනා හැම සසරකම ඔබ ඉන්න මගෙ කිරිමව් වෙලා
පොල්පිතිගම- වඩුපොලයාගම
දීපානී එපිටහගෙදර
කුවෙට්-සල්වා සිටි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd