



ජාත්‍යයන්තර වෙසක් දිනය නිමිතිකොට පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේදී විශේෂ දහම් වැඩසටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතාවුද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 23දාා පැරීසියේදී පැවැත්වූයේය.
එක් එක් ජාතීන්ට ආවේණික දේශීය නර්තන, භක්ති ගීත, උඩරට නැටුම් සමඟ දේශීය සංගීත වැඩසටහන් එදින සංස්කෘතික සංදර්ශනය ආලෝකමත් කළේය. වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව යන රටවලට ආවේණික එම සංස්කෘතීන් විදහා දැක්වූ නර්තනයන් එදින සංදර්ශනයට එක්වූ අතර පැරීසියේ විවිධ තානාපතිවරු එහි නිලධාරීන්ද සංඝයා වහන්සේලා ද මෙම වෙසක් උත්සවයට සහභාගී වූහ.
සුනිල් ආනන්ද - පැරීසියේ සිට.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd