
තුඩ තුඩ නැගුණු ජය මංගල ගී අසිරී
අඩ සඳ නළල තිලකය හැඩ වැඩ ඔසරී
කුඩ මුතු පබළු පෝරැව මත මල් ඇතිරී
වැඩ හිඳි එකම දියණිය දැක නෙත ඔමරී
මැඩ ගෙන තිබුණු සෙනෙහස ගිය ලෙස පිපිරී
හඬ වා සසල නෙත කිම කඳුළක් වැගිරී
අඩ මානයෙන් තේරුම් ගනු බැරි නොබැරී
ඉඩ ඇති දිනෙක හේතුව කියපන් මිතුරී
රසීකලා - රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd