
ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවර නෝවලි ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකට ගොඩ වූ මට අත ඇති මුදලට මාළු ටිකක් මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒවා තබා ඇති ස්ථානය වෙත ඇස යොමු කළෙමි. නත්තල් දිනයට පසු දිනයක් වූ හෙයින් මාළු බක්කි තරමක් හිස්ව පැවතිණ.
මුහුදු බෙල්ලන්, සිප්පි, ඉස්සන්, දැල්ලන් එහි වූ අතර, එකවරම මගේ නෙත් යොමු වූයේ විනිවිද පෙනෙන අැසුරුමක බහා තිබූ ලුමාකා (Lumache) වෙතය.
ඉතාලි බසින් ලුමාකා යනු ගොලුබෙල්ලන්ය. තරමක හිරිකිතයක් ඇති වුවද ඇසුරුම අතට ගෙන පරීක්ෂා කර බැලුවෙමි.
අපේ රටේ ගෙවතුවල ජීවත් වෙන පුවක් ගෙඩි තරමේ ගොලුබෙල්ලන් එහි විය.
සත්ව විද්‍යාත්මක නාමය ද එහි සඳහන් කර තිබුණි. කිලෝ ග්රෑම් එකක මිල යුරෝ 10.50 ක් විය. එම වෙළෙඳ සලෙහිම කුකුල් මස් කිලෝව යුරෝ 3.00 කි. සාලයා කිලෝව යුරෝ 3.80 කි. එබැවින් ගොලුබෙල්ලන් තරමක සුපිරි කෑමකි.
ගිම්හාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd