ඇමෙරිකා එක්සත් ජනපද රූප රාජිණී තරගයට සහභාගී වෙන රූමතියන් මින්පසු බිකිනියෙන් පෙනී සිටීම නවතා දැමීමට තීරණය කර ඇති බව එම තරග සංවිධායකයෝ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. දැන් වැඩි වැඩියෙන් හෙළිදරව් වෙන කාන්තා ලිංගික අපචාරයට එරෙහි පියවරක් ලෙස මෙම තීරණය ගත් බව එම ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් ය. රූ සපුව කැපී පෙනෙන ආකාරයෙන් තමන් කැමති ඇඳුමකින් ඇමෙරිකානු රූපසුන්දරී තරගයට ඉදිරිපත් වීමට මින්පසු තරගකාරියන් හට නිදහස ලැබෙනු ඇත.
සංචාරක ආකර්ෂණයක් ලෙස 1920 දී ඇට්ලන්ටික් නගරයේ ඇරඹි ඇමෙරිකානු රූපසුන්දරී තරගයට, ශතකයකට ආසන්න කාලයක් පුරා තරගකාරියන් සහභාගී වියයුතු වූවේ බිකිනි ඇඳුමෙන් ය. රූ රැජින තරගය කාන්තා රූසපුව පිළිබඳ තරගයක් මිස, අඩනිරුවත ප්‍රදර්ශනය කළ යුතු සංදර්ශනයක් නොවෙන බව තරග සංවිධායකයෝ දැන් පිළිගෙන ඇත. ලබන සැප්තැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන මෙම තීරණයට අනුව 2019 ඇමෙරිකානු රූපරාජිනී තරගය සඳහා ඉදිරිපත් වෙන තරුණියන්ට, තමන් කැමති ඇඳුමකින් තරගයට සහභාගී වීමේ වරම ලැබෙනු ඇත.
ඇමෙරිකාවේ හිටපු රූ රැජිනක වන ග්‍රේෂන් කාර්ල්සන්, ඇමෙරිකානු රූ රැජින තරගය සඳහා සුරූපිණියන් බිකිනියෙන් ඉදිරිපත්වීම වළකාදැමීමේ සටනේ පුරෝගාමියකු වූවාය. ඇය තමන්ට කරන ලද ලිංගික අපචාරයක් පිළිබඳව 2016 දී එවකට ෆොක්ස් මාධ්‍ය ජාලයේ ප්‍රධානියාව සිටි රොජර් අයිල්ස්ට එරෙහිව ඩොලර් මිලියන විස්සක වන්දියක් ඉල්ලා නඩු මගට පිවිසි කාන්තාවකි. එහෙත් මෙම නඩු විභාගය අවසන් වීමට පෙර 2017 වසරේදී රොජර් අයිල්ස් මියගියේය.
චාපි කෝසලා මියුනිච්, ජර්මනිය.
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිස් ඇමෙරිකා රූප රාජිණියෝ බිකිනි ඇඳුම අත් හරිති