IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සමාජ මාධ්‍යයන්හි නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉහළ ගිහින්

(බිඟුන් මේනක ගමගේ)

මැතිවරණ නිහඬ කාලයේදී සමාජ මාධ්‍ය ජාලා මගින් කෙරෙන නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු අපේක්ෂා නොකළ ආකාරයෙන් ඉහළ ගොස් ඇතැයි ද එය බරපතල තත්ත්වයක් යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.

මැතිවරණ කොමිසමට නිරීක්ෂණ සංවිධාන මේ ගැන පැමිණිලි කළත් කොමිසමට පාලනය කළ නොහැකි ආකාරයෙන් මෙම නීතිවිරෝධී ප්‍රචාරණය ඉහළ ගොස් ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට අද(4) පැවැසීය.

මැතිවරණ නිහඬ කාලයේ ජීව ගුණය මුළුමනින්ම විනාශ කිරීමට මෙම ප්‍රචාරණ කටයුතු හේතු වී ඇතැයි කී හෙතෙම මෙහි වගකීම ෆේස් බුක් ආයතනය ගත යුතු යැයි ද චෝදනා කළේය.

මෙවැනි තත්ත්වයක් නිර්මාණය විය හැකි බව නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම ෆේස්බුක් සමාගමට කල්තියා දැනුවත් කළ නමුත් ඔවුන්ට එවැනි ප්‍රචාර වැලැක්වීමට පෙර සූදානමක් තිබී නැතැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

මුදල් ගෙවා සිදුකරන අනුග්‍රාහක දැන්වීම් අද(4) දිනයේදී පවා ෆේස් බුක් මාධ්‍යයෙහි ප්‍රචාරය වී යැයි ද එයට දේශපාලකයන් මෙන්ම ෆේස් බුක් සමාගම ද වගකිව යුතු යැයි ද ගජනායක මහතා පැවැසීය.

මුදල් බලය ඇති ප්‍රබල අපේක්ෂකයන් විශාල පිරිසක් මෙවැනි ප්‍රචාරණ සිදුකරන බවට නිරීක්ෂණය වී ඇතැයි ද ඊට අදාළ සියලු තොරතුරු මැතිවරණ කොමිසමේ සමාජ මාධ්‍ය ආවේක්ෂණ ඒකකයට ලබාදුන්නේ යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

ඇතැම් රාජ්‍ය නිලධාරින් පවා එවැනි ප්‍රචාරවලට සම්බන්ධ වී ඇතැයි ද මෙම නීතිවිරෝධී සමාජ මාධ්‍ය ප්‍රචාර මහමැතිවරණය පැවැත්වෙන හෙට(5) දිනයේදී ද සිදුවුවහොත් එය බරපතල තත්ත්වයක් වනු ඇතැයි ද ගජනායක මහතා කීය.

මෙම තත්ත්වය අඩුම තරමින් පාලනය කරගැනීම සඳහා ඊට අදාළ නිරීක්ෂණ කඩිනමින් මැතිවරණ කොමිසමට වාර්තා කිරීමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින්නේ යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

සමාජ මාධ්‍යයන්හි නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉහළ ගිහින්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 04 August 2020 10:27 AM

මේ ෆේස්බුක් ජාලය රටට වැඩදායී ආකාරයෙන් හසුරුවා ගතහොත්, එයින් විශාල සේවයක් රටේ හා සමාජයේ සිටින සියලුම දෙනාට සැපයිය හැකියි. මේවායේ සාමාජිකයන් කිසියම් ක්‍රමවේදයකට ලක්කොට ඔවුන්ට කිසියම් වගකීමක් හා වටිනාකමක් දිය යුතුයි. ඔවුන්ට යම් නිදහසක් තිබීම වැදගත්. එහෙත්, මෙතෙක් පැවති රජයන්ද, මේ රජයද මේ ප්‍රශ්ණය හරිහැටි අවබෝධ කර නොගැනීම නිසා ෆේස්බුක් ජාලයේ සිටිනා සමහර දෙනා ඒ නිදහස වල් බූරු නිදහසක් සේ ක්‍රියාවට නංවයි. ෆේස්බුක් සිටිනා බොහෝ දෙනා හොඳ ආකාරයෙන් එම ජාලය භාවිතා කළත්, සුළු පිරිසක් කරනා අනුවණ ක්‍රියා නිසා එහි පිරිහීම සිදුවෙයි. ෆේස්බුක් නැමැති දඩබ්බර අලියාට හිතුවක්කාරී ලෙස හැසිරෙන්නට ඉඩ නොදී සතා මෙල්ල කරගෙන රිසිසේ වැඩ ගැනීමට හැකිය. එය පමා නොවී සිදුකළ යුත්තකි...

:       438       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1347 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1261 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site