
(විනීතා එම් ගමගේ)
රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කිරීම ඉදිරි ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් සේ සළකා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, විධායකයේ බලතල මෙන්ම ව්‍යවස්ථාදායකයේ බලතල පිළිබඳව පවතින ගැටළු ඉවත් කෙරෙන අන්දමේ ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුවී පවතින්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ ප්‍රශ්න පවතින්නේ යැයි කී ඔහු හොඳ උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ 30 දෙනෙකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් පත්කළ යුතු යැයි කියවෙන අතරම එහි තවත් වගන්තියකින් එය උල්ලංඝනය වීම යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
මේ වනවිට පිහිටුවා ඇති කොමිෂන් සභා සැබෑ වශයෙන්ම ස්වාධීන කොමිෂන් සභා බවට පත් කරන්නේ යැයි ද රාජපක්ෂ මහතා කීය.
මේ සඳහා වෙනත් කණ්ඩායම්වල බලපෑම් වලින් තොරව පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් සකස් කළ යුතුව ඇතැයි ද ඒ සඳහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ඇති කිරීමට ජනතා සහ අවශ්‍ය යැයි ද රාජපක්ෂ මහා කියා සිටියේය.
එමෙන්ම ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය ගැන කථා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා, ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්ද ටිකක් වැඩිවන්නේ නම් යහපත් යැයි ද විහිලු සපයන විපක්ෂයක් ද බොළඳ විපක්ෂයක් ද යන්න ගැන ද ජනතාව අවදියෙන් සිටිය යුතු යැයි ද සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ කොළඹ කිංස්බරි හෝටලයේ අද (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
මේ පුද්ගලයා ඇමෙරිකන් පුරවැසියෙක්.... ලංකාවේ ව්‍යවස්ථාව ගැන කතාකරන්න තියන අයිතිය කුමක්ද? ගියසැරේ පරාදවෙලා අකුලගෙන යන්න ගියා. මේ පාර මොන මගුලකටද ලෑස්ති වෙන්න යන්නේ...?
කොහෙවත් ඉන්න ඇමෙරිකන් කාරයෙක් කියනවා අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ කියලා. වෙනරටක මේ වගේ ප්‍රකාශයක් "විදේශිකයෙක්" කිව්වොත් අල්ලලා කුඩුවේ දමනවා. ලංකාවේ ඉපදුණාට මෙයා පුර්ණ ඇමෙරිකානු ජාතිකත්වයක් තියෙන කෙනෙක්. 19 වෙනි සංශෝධනය අනුව විදේශිකයින්ට අපේ රටේ දේශපාලන නියෝජිතයෙක් වෙන්න තහනම්. ඉස්සෙල්ලම අහන්න ඕනෑ මෙයාගෙන්.. හමුදාවට බොරු කියලා හොරෙන් උස්සපු රත්තරන් කෝ..? ඒ නිලධාරීන් දෙදෙනාට මොකද වුනේ..?මොකද කලේ..? k p ගේ නැව් විකුණලා ගත්ත සල්ලි කෝ? 2015 ඡන්දෙ පැරදිලා රටින් පැනලා යද්දී හොරෙන් අරන්ගිය මැණික් විකුණුවේ හොංකොං වල කාටද..? මේවාට රටේ ජනතාවගෙන් පැහැදිලි පිළිතුරක් ලැබේවි...5 වෙනිදා.
නැතුව, නැතුව... විදේශිකයන්ට රජකම කරන්නත් පුළුවන් කියලා... වෙනස් කරගත්තේ නැතිනම් අවුලක් වෙන්න බැරි නැහැනේ.
ඔබලා වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරන්නේ නැහැ.
ව්‍යවස්ථාව වෙනස් කරන රටවල් ලෝකෙ කොහෙවත් දියුණු වෙලා නෑ. ඕනෙ කරන්නේ රටට වැඩදායී කාලෝචිත සම්පාදන විතරයි.
බලන්න මේ අනුර කුමාර 2/3 හදාගෙන අවශ්‍ය යටිකූට්ටු වැඩ ටික කරගන්න දෙන්නේම නෑනේ. මොකක් හරි කියලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරනවා.
පැරදුන ගමන් රට පැනපු මෙයාට දැන් තියෙන අයිතිය මොකක්ද.?
රටේ ආර්ථිකයට දැරිය හැක්කේ 30 දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් නම්, එය කිරීමට ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුමද?
ඔබ තුමාටත් පාර්ලිමේන්තු එන්න ඕක වෙනස් නොකර බැහැනේ නේද.?
ව්‍යවස්ථාව වෙනස් කරන්නේ තියන නඩු ටිකයි පක්ෂේ ඉන්න අයයි බේරගන්නද?
රටට ගැලපෙන ව්‍යවස්ථාව කෙසේවුවත් රාජපක්ෂ පවුලට ගැලපෙන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයි කියලා නේද වහෙන් ඔරෝ කියන්නේ...?
තියෙන්නේම කපටි, හොර වැඩ විතරයි. 2/3 නම් දෙන්න එපා... ආදරයක් තියෙනවා නම්..
2/3ක බලයක් අවශ්‍යයි කියන ගමන්ම ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි කියනවා. 2/3ක් ලැබුණාම කොහොමද විපක්ෂය ශක්තිමත් වෙන්නේ? මොනවා කියනවාද මන්දා..?
2010 - 2014 තුනෙන් දෙකක් තියන් පිස්සු කරපු හැටි මතකයිනේ. හමුදාපති හිරේ යැව්වා, අගවිනිසුරුතුමිය එලෙව්වා තමන්ට ඕනෑ විදියට තීරණ ලැබුනේ නැතිවුණාම, ඉන්ධන මිල අහස උසට වැඩි කරා, ණය ඕන ඕන විදියට ගත්තා අන්තිමට රටේ මිනිස්සු ඒවා ගෙවනවා.. අනික ඉතින් ඔය අලුත් ව්‍යවස්ථාව හොඳයි කියලා අත ඉස්සුවේත් ඔයලාගේම මිනිස්සුනේ. අත උස්සනකොට ඔලුව පාවිච්චි කරලා නෙමේද අත ඉස්සුවේ.. !
විජාතිකයෙක් තවත් රටක ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්න මහන්සි වෙන්නෙ කුමට ද කියලා රටේ ජනතාව.
අපොයි ඔව් කොහොමහරි වෙනස් කරලා කොහොමහරි පාලනය කරන්න මෙයාට දුන්නාම හරි.
කී පාරක් වෙනස් කළාද මහත්තයෝ ඕක?. ඕකෙ අවුල හින්දද මේ රට හදන්න බැරි. ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ පත්වෙන හැම ආණ්ඩුවක්ම කරන්නේ ඕක වෙනස් කරන එක. ව්‍යවස්ථාවට කතා කරන්න පුළුවන් නම් අහයි "මේ වෙනස් කලා මදිද" කියලා...
රටට කෙසේවෙතත් පවුල් පාලනේ උදවියට ඕනෑ විදියට නම් වෙනස් කරයි වගේ...
බැසිල් මහත්තයෝ, 19 වෙනස් කරනවා කිය කියා නොඉඳ අලුතෙන් දාන ඒවා ගැන ජනතාවට කියලා ඡන්දෙ ඉල්ලන්නේ නැත්තේ ඇයි? ද්විත්ව පුරවැසිභාවය, ස්වාධීන කොමිෂන් සභා, රාජපක්ෂලාට හා ගෝල බාලයින්ට හානිකර දේවල් ඉවත් කර සදාකල් රාජපක්ෂලාට බලය තියාගන්න පුලුවන් ව්‍යවස්ථාවක් හදනවා කියන්න බයද? ලැජ්ජද? බයියන් කොහොමත් කතිරෙ ගහනවනේ.. නොබයියන්ට නායකයෙක් නෑනේ.
ජවිපයත් එක්ක සක්කයක් ගහන්න වගේ බලාපොරොත්තුව.
කඩා වැටිලා තියෙන්නේ රටේ ආර්ථිකය මිසක් දේශපාලනය නෙමෙයි. ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ආර්ථිකයට. ඒක කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නැහැ. ව්‍යවස්ථාව වෙනස් කිරීම මුලට ගන්න හදන්නේ අනිත් සියලු දේ එයින් යටපත් කරන්න. දේශපාලකයින් සහ මුස්ලිම්, දෙමල ජාතීන් මිසක් සිංහල මිනිස්සු කවදාවත් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉල්ලුවේ නැහැ. ව්‍යවස්ථාවේ වෙනස් කරන්න ඕනේ කියලා ඔය කියලා තියෙන කිසි දෙයකින් රට හදන්න බලපෑමක් නැහැ. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ වෙන්නේ රටේ සම්පත් විකුණමින් අත්තනෝමතික පාලනයක් ගෙනියන්න විතරයි.
දිගමට බලය තියාගෙන ඉන්න පුළුවන් විදිහට වෙනස් කරන්න.
මෙයා නිසා තමා මේ පාරත් කෙලවාගන්නේ..
කොහෙවත් ඉන්න ඇමෙරිකන් කාරයෙක් කියනවා අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනා කියලා.
ඕකෙන් සීයට 20 හම්බ වෙයිද.?
මහජන නියෝජිතයින්ට ඕනෑම හොරකමක් කිරීම සඳහා අවශ්‍ය විධියට වෙනස් කර ගන්න. එතකොට ඔබතුමාලට හිරේ ඉන්න ඕනෑ නැහැනේ
තව තුනෙන් දෙකක් දෙන්නකෝ...
අනාගතයේ වෙනස් නොකළ හැකි සිංහලයන්ට බෞද්ධයන්ට මුල් තැන ලැබෙන ව්‍යවස්ථාවක් හදන්න.