IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


පසුගිය අවුරුදු 4ම පාතාලය රජකළා


(දීපාල් ද සිල්වා)

පසුගිය අවුරුදු 4ම පාතාලය රජකළ බවත් කුඩු වසංගතය ⁣ගමේ දරුවන්ට, ගමට ඇතුල් වූ බවද අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා අද (1) කරණ්දෙනියේ දී පැවසීය.

‘අද  දෙමවුපියන්ට තියෙනවා ලොකු වගකිමක්.  හැම අම්මා, තාත්තා කෙනෙකුටම සිදුවෙලා තියෙනවා තමන්ගේ දරුවා කුඩු වලට ඇබ්බැහිවෙලාද කියලා සොයා බලන්න. මෙවායින් රට,ජාතිය බෙරාගන්න අපිට වගකිමක් තියෙනවා.
පසුගිය ආණ්ඩුවට ඒක තිබුණේ ⁣නැ.  පසුගිය ආණ්ඩුවට මොනවා වුණත් කමක් නැහැ...  අපි ඉන්නවා නම් කියලා එයාලා වෙනම හිටියා. අද අපිට පුලුවන් කම ලැබිලා තියෙනවා ඒ තත්වය නැති කිරිමට...

අද ගෝඨාභය ජනාධිපතිතුමා පටන්ගත්තා කුඩු නැති කිරිම, පතාලය මර්දනය  කිරිම එක වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න තමුන්නාන්සේලා බලය ලබාදිය යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒම නැතිවුණොත් මෙ රට විනාශ වෙලායයි. තමන්ගේ ගම විනාශවෙලා යයි. මේක බේරා ගැනීමේ වගකීම ඔබට තියෙනවා. ⁣මේ රටේ පාතාලය, කුඩු නැති කරලා දාන්න ඕනේ...‘ යැයි අගමැති මහිනද රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසිය.

ගාලු දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණි අමරවංශ මහතා සංවිධානය කල කරණ්දෙනිය ප්‍රදේශයේ පැවති ජනහමුවේදී අගමැතිවරයා මේ බව පැවසීය .



අදහස් (17)

පසුගිය අවුරුදු 4ම පාතාලය රජකළා

විජිත් Saturday, 01 August 2020 05:51 PM

මහින්ද රාජපක්ෂ, (මම දේශපාලකයින්ට නමට ඉස්සරහින් විශේෂණ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒ අපේ සේවකයින්.. තාවකාලිකව පත්කරගන්නා.. අපේ බදු මුදල්වලින් පඩිගෙවන අපේ සේවකයින් පමණයි. අපේ ගෙදර වැඩකරන කෙනාට නම කියනවා මිසක් වෙනත් කෑලි ඉස්සරහට පස්සට අමුණන්නේ නැහැනේ. ඒ මගේ හැටි.) පසුගිය අවුරුදු 4 විතරද පාතාලය රජකලේ..? අවුරුදු 4 කට උඩදී මීගමුවේ මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදරට stf එක ගිහින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 95 ක් අල්ලා ගත්ත වෙලාව මතකද..? පහුවෙනිදා හෙලිකොප්ටරයකින් කුඩ්ඩාගේ නිවසටම ඇවිත් " මල්ලි බයවෙන්න එපා "කියලා පාතාලයාව බේරගත්ත පාතාලයේ ගෝඩ් ෆාදර් කවුද..? ඒ කාලයේ සුදු වෑන් වලින් පත්තර කාරයින්ව ඉස්සුවේ පාතාලය නොවෙයිද..? හිරකාරයින් විසි ගණනක් මහා රෑ වෙඩිතියලා ඝාතනය කලේ වැරදිලා වෙන්න ඇති නේද..? පිපාසයට වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ හමුදාවේ පාතාලය නොවෙයිද..? රටටම කොලේ වහලා ගෝල්ෆේස් එකෙන් කෑල්ලක් හොර චීනාට විකුණලා සල්ලි සාක්කුවේ දමාගත්තේ ශ්‍රී ලංකාවේ පාතාලයේ ගෝඩ් ෆාදර් නොවෙයිද..?.. තව තියෙනවා.. රටේ මුලාවුණ ජනතාව මේවා දැනගත යුතුයි...

:       44       321

Max Saturday, 01 August 2020 06:45 PM

මේ අවසර, ඔබතුමා සහ සහෝදරයා ඩී. සිල්වා දන්නෙම නැහැ නේද?

:       17       62

දසුන් Saturday, 01 August 2020 08:13 PM

අම්මේ මෙයාගේ කට. ලංසාව හෙලිකොප්ටරයෙන් බලන්න ගියෙ කවුද දන්නේ නැහැ. දැන් තනිකර රඟපෑම විතරයි කරන්නේ...

:       16       90

Nimal Saturday, 01 August 2020 08:32 PM

බලයමනේ ඉල්ලන්නේ..

:       15       35

Nimal Saturday, 01 August 2020 08:58 PM

ඔබට අවුරුදු 4කට කළින් තිබුණු තත්වය මතක නැද්ද?

:       0       34

Amula Saturday, 01 August 2020 11:30 PM

හා හා ... දැන්නම් මෙයාගේ යන කාලේ ඇවිත් වගේ... තමන්ගේ අය තමයි ඕවා කරන්නේ... දැන් තව එකක් කියන්නේ..

:       23       35

විපරමා Saturday, 01 August 2020 11:56 PM

බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවන හැටි... තමුන් බලයේ ඉන්න කාලේ කුඩු මුදලාලිලා රජ වෙලානේ හිටියේ. ඔවුන් දේශපාලුවන්ගේ ඡන්ද වැඩ වලට අතපය දිගහැරලා වියදම් කෙරුවා. දුමින්ද, මර්වින්, අගමැති, ජොනී කියලා කිව්වේ නිකම්ද?

:       8       53

ana Sunday, 02 August 2020 12:26 AM

පසුගිය අවුරුදු 4 නම් නොවේ ඊට ගොඩක් කල් ඉඳන්...

:       24       32

සුසිල් - කරන්දෙණිය Sunday, 02 August 2020 02:48 AM

කිස් නෝනිස්ට කම්මුල්පාරක් ගැහුවේ කවුද? රූපවාහිනි වල සේවක සේවිකාවන්ගේ පිටවල් දැලිපිහි වලින් කැපුවේ කවුද? ස්ත්‍රී දූෂණ කරලා පාටි දැම්මේ කවුද? මේවත් පාතාලයට හපන් වැඩ. සචින් වාස් මෙහෙ ඉද්දැද්දී අපි 88- 89 භීෂණ කාලයට වඩා බයෙන් ගෙවල් වල හිටියේ.... ඒ නිසා මහින්ද මහත්තයාට පාතාලය ගැන කථා කරන්න අයිතියක් නැහැ. වම්බොට්ටා කාගෙ නිර්මාණයක්ද? ලන්සාගේ කඩු ඇල්ලුවහම හෙළිකොප්ටරයෙන් ගිහිං අපේ මිනිහෙක් කියලා බදා ගත්තේ කවුද? අපේ ගමේ වීරකෝන් මහත්තයලා වැඩ කළ බව ඇත්ත. නමුත් අහිංසක අපිට පාට් දැම්මේ කාගේ හයියෙන්ද? අපිට පොලීසියකට ගිහිං වැඩක් වුණාද? ගෝඨාභය මහත්තයෝ, මේවට නොමග යන්න එපා. මෙයා ගහන්නෙ වෙන වෙන බයිලා. ඔබතුමා ගැන තමා රටේම විශ්වාසය. අපි ඔබට ඡන්දය දුන්නේ මහින්ද නිසා නොවෙයි. ඔබ ගැන විශ්වාස කරලා. ඒ නිසා පාතාලය ගැන කථා කරන්න මහින්දට අයිතියක් නැහැ.

:       39       64

isara - elpitiya Sunday, 02 August 2020 02:52 AM

අපෝ මෙයාගේ අපි නොදන්න බයිලා. අපි මැරිලා උපන්න මිනිස්සු කියලා තමයි මෙයා හිතන් ඉන්නේ... ගෝඨාභය මැතිතුමණි, ලැබුණු අවස්ථාවෙන් හරියට වැඩ කරන්න. ඔබෙන් පසුව රාජපක්ෂ පවුලේ තව කෙනෙක් ඉන්න බව නම් පෙනෙන්න නැහැ. ඒ නිසා වසර 5 අවසානයේද ජනමත විචාරණයක් තියලා තවත් වසර 10ක් විතර ඉන්න. ඒකට පසුබිම දැන්ම හදාගන්න. වැඩ තමයි ඕන. වෙන බයිලා වැඩක් නැහැ. ජනතාව දැන් ටිකක් නොමග යවන්න අමාරුයි.

:       69       14

Lakmal Sunday, 02 August 2020 06:48 AM

තමුන්නාන්සේලත් කරන්නේ පාතාලයින්, කුඩු මුදලාලිලා ආරක්ෂා කරන එකනේ... මිනිස්සු රවට්ටන්න බොරුවට රැස්වීම්වල කියවනවා.

:       49       25

Rata Perata Sunday, 02 August 2020 07:00 AM

දැන් නම් හොඳටම පිස්සු වගේ. වශී බෝතලය වෙනුවට මතක පෙති ගත්තොත් හොඳයි වගේ.

:       54       38

විජිත් Sunday, 02 August 2020 07:19 AM

තම අම්මාවන... ශ්‍රී ලංකා මාතාව පණ පිටින් කැබලි කොට අනුභව කළ , අසික්කිත ශ්‍රී ලාංකික දේශපාලුවන්ගේ ත්‍රාසජනක " රැඟුම් " රැගත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු, කළු සුදු ශ්‍රව්‍ය දෘශ්‍ය සිතුවම " ගෝඩ් ෆාදර්ගේ අවසන් ආයාචනය හෙවත් පාතාලයාගේ පාපොච්චාරණය " දැන් රටපුරා සිනමාහල්වල. දර්ශන සීමිතයි. 2 දා සවස අවසන් දර්ශනය. 6 වනදා සවස් වනවිට මේ ප්‍රධාන නළුවා මැදමුලන ප්‍රදේශයේ නිවසක..ජනතාව අමතන දර්ශන දැකගත හැක. එසේ නොමැතිනම් 7 දා වනවිට අංගොඩ මානසික රෝහලේදී හමුවිය හැක.

:       57       110

rana Sunday, 02 August 2020 09:38 AM

අපි මැරිලා ඉපදුනේ නැහැ ආයිබොවන්ඩ... !

:       23       55

ravi898 Sunday, 02 August 2020 10:54 AM

ඔයාලා තමයි... පාතාලේ මුතුන් මිත්තෝ...

:       19       42

විජිත් Monday, 03 August 2020 04:43 AM

මහින්ද රාජපක්ෂ, ( මම දේශපාලකයින්ට නමට ඉස්සරහින් විශේෂණ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒ අපේ සේවකයින්. තාවකාලිකව පත්කරගන්නා. අපේ බදු මුදල්වලින් පඩිගෙවන අපේ සේවකයින් පමණයි. අපේ ගෙදර වැඩකරන කෙනාට නම කියනවා මිසක් වෙනත් කෑලි ඉස්සරහටපස්සට අමුණන්නේ නැහැනේ. ඒ මගේ හැටි. ) පසුගිය අවුරුදු 4 විතරද පාතාලය රජකෙලේ ..?

:       52       54

කුමාර Tuesday, 04 August 2020 02:43 AM

2019 නොවැම්බර් මාසයෙන් පසුව කසිප්පුත්, මත්කුඩුත් වැහිවැහැලා කෙනෙකුට පාරේවත් යන්න බැරිතරමට පත්වෙලා කියලා ඔහේ නොදන්නවා වුණාට මොන්ටිසෝරි දරුවනුත් දන්නවා.

:       18       57

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 543 0

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි
2025 පෙබරවාරි මස 11 245 1

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල


නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 303 2

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2244 12

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1716 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6702 28

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 125 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site