IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඡන්ද විමසීම අවසන්

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පැවති මහමැතිවරණය අද (5) පස්වරු 5 ට අවසන් විය.

දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක වල 60 % බහුතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

2020 මහමැතිවරණය අද (5) උදෑසන 7.00  ආරම්භ කෙරුණු අතර පස්වරු 5 ට අවසන් කෙරිණි.



අදහස් (5)

ඡන්ද විමසීම අවසන්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 05 August 2020 12:38 PM

ජනතා තීන්දුවට අපි හිස නමමු. ඒත්, ජනතාව මෙවර මොනවගේ අය පත්කරාද දන්නේ නැහැ.. ජනතාවනි, ඔන්න පස්සේ එහෙම බනිනවා එහෙම නෙමෙයි.

:       0       111

විජිත් Wednesday, 05 August 2020 12:38 PM

රටේ ජනතාවගෙන් 60%ක් පමණ තමන්ට පැවරුණු අයිතිහාසික කාර්යභාරයක් රටවෙනුවෙන් සිදුකරලා තියෙනවා. අපේක්ෂකයින්ගේ හොඳ නොහොඳ ගැන දැන් කතාකිරීමෙන් ඵලක් නොමැත. ඡන්දය අවසන්. හෙට අනිද්දා වෙනකොට ප්‍රතිඵල එකින් එක නිකුත් වේවි.. එය ඔබගේ ඡන්දයෙන් පත්වුණු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙන්නත් පුළුවන්... සමහරවිට එයා පරදවා අනිත් පැත්තේ අපේක්ෂකයා දිනපු ප්‍රවුර්තිය වෙන්නත් පුළුවන්. මම ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ මෙපමණයි..." ඔබ ඡන්දය දුන් අපේක්ෂකයා යනු " ඔබ " නොවේ. ඒ නිසා ඔහුගේ ජයග්‍රහණය වගේම පරාජයත් උපේක්ෂාවෙන්, සාමකාමීව විඳගන්න. සමහරවිට ඔබේ ලඟම අසල්වැසියා වෙනත් දේශපාලුවෙකුට ඡන්දය දුන් කෙනෙක් විය හැකිය. කිසිම හේතුවක් නිසා ඔබගේ අසල්වැසියා පීඩාවට පත්කරන්න එපා. ඔබට එදාවගේම හෙටත් කරදරයකදී ඔබේ උදව්වට පැමිණෙන පළමු තැනැත්තා ඔහු හෝ ඇයයි. ඒ නිසා ඉතාම සාමකාමීව හෙට දවසට මුහුණ දෙන්න. අමතක කරන්න එපා මේ අපිව කොටවන අසමජ්ජාති දේශපාලුවන් ඔක්කොම හොඳ යහළුවන්. ඉතින්.. ඔබත් අසල්වැසියන්, අනෙකුත් රටවැසියන්.. ගහ මරා ගැනීමෙන් පාඩුවක් වන්නේ ඔබටමයි. දේශපාලුවන්ට නොවෙයි. ඔවුන් හැමදාමත්ම යහළුවන්. එකිනෙකාගේ පිට කසා ගන්න.

:       1       537

rathnayakaWednesday, 05 August 2020 02:19 PM

සහතික ඇත්ත විජිත් මහත්තයෝ, අපේ රටේ මිනිස්සුන්ට මේ තිත්ත ඇත්ත නොතේරීම තමයි ප්‍රශ්න දුර දිග යන්නට හේතුව. අද ඡන්ද ගනින්නේ නැති නිසා තැනතැන ගහ මරාගැනීම් අඩුවේවි. නමුත් හෙට හැන්දෑව වෙනකොට කීදෙනෙක් මැරෙයිද, තුවාල කරගනියිද දන්නේ නැහැ. ඔබ කියා තිබූ ලෙසම මේ පක්ෂ විපක්ෂ දේශපාලකයින් ගජ මිතුරෝ. ඒක නිසානේ යහපාලනය ඇවිල්ලත් රාජපක්ෂලා ඇතුළට නොයා බේරුනේ...

:       0       12

siri Wednesday, 05 August 2020 12:49 PM

ප්‍රතිඵල පැහැදිලියි. අර පෞරාණික පක්ෂය බින්දුවට වැටෙයි.. දුරකථනයෙන් කතා කරලා අහන්න තියෙන්නේ.... ‘‘දැන් සැපද‘‘ කියලයි.

:       4       234

saman Wednesday, 05 August 2020 04:01 PM

දැන් ඉතින් හෙට වෙනකොට පසුගිය වසර 72දී වුණාක් මෙන්, 225 දෙනෙක් මහජනයාගේ කරපිටින් ගොස් සුරසැප විඳින්නට පටන් ගනී. ඡන්දය දුන් "මහජනයා" සිරිත් පරිදි කටුක ලෙස ජීවත් වෙන්නට පටන් ගනී.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site