
(රංජිත් රාජපක්ෂ)
තමන් සලකුණු කළ ජන්දය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙකු අද (05) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.
නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ඡන්දය සලකුණු කර එය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන අවස්ථාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත සැකකරු භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකි.
සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.