කොවිඩ් වසංගතයෙන් එල්ල වූ අභියෝග පවා තිබියදී මහමැතිවරණය සාමකාමීව හා ක්‍රමවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ශ්රී ලංකාවට ප්‍රශංසා පළ කර සිටී.
ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
"අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ. කොරෝනා වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ," යනුවෙන් පැවසීය.
"නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි," යනුවෙන්ද ඔවුන් පවසයි.
රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව අමෙරිකානු තානාපති කාර්යාලය කීය.
125
පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝග
ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශ
මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල
දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි
දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
’කොවිඩ් අභියෝගය හමුවේදීත් ලංකාවේ මැතිවරණය සාමකාමීයි’
විජිත් Friday, 07 August 2020 06:57 AM
මම හිතුවා.. පූසා මල්ලෙන් එළියට ඔලුව දාලා... ඥාව් ඥාව් කියයි කියලා. දැන් ඉතින් එදා මෙදා කළ මහාම රට පාවාදීමේ ගිවිසුම හෙවත් mcc අත්සන් කිරීමේ අයිතිහාසික පාවාදීමට ශ්‍රී ලංකාවේ ජීවත්වන නමුත් මළමිනී සේ සිටින හැටනම ලක්ෂයකට ආසන්න නූගත්, අබුද්ධික ගෝත්‍රික වහලුන් දායකවී ඇති බව අද ලියා තියන්නම්. වහලුන් නොවූ බුද්ධිමත්, විඥානයක් සහිත රටවැසියනි, ඡන්දයෙන් ඔබ පරාජය වුවත් රටට ආදරේ, ශ්‍රී ලංකා අම්මගේ ඇත්තම දරුවන් වන ඔබට මගේ සදාදරණීය ආචාරය..!!! ශ්‍රී ලංකාවේ ඉතිහාසය අලුතෙන් ලියවෙන කවදා හෝ දවසක ඔබේ නම රන් අකුරින් ලියවී තිබේවි. ඒ දවස හෙට නොවුවත් මෑත අනාගතයේ දවසක් විය හැකියි කියා අනුමානයෙන් කියන්න හැකිවුණත් එය අවධාරණයෙන් ලියා තබන්නට මගේ අතේ ඇඟිලි ඉඩ නොදේ.. මටත් පාලනය කරගන්න බැරි තරමට වෙව්ලන මගේ අතැඟිලි.. මේ කියන්නේ මොනවාද..? කියා මට නොහැඟේ.. ඔබ වගේම මාවත් අසරණ කරලා.. පව්කාරයින් අද ජය පැන් බොනවා. නොමිනිසුනේ, අමතක කරන්න එපා අපරාධය පසුපස ගොනු බැඳි කරත්ත රෝදය සේ එන "දඬුවම" කියන අඳුරු සෙවනැල්ල ඔබ කරා එන " ශාපය " බව...
arunaFriday, 07 August 2020 08:09 AM
විජිත්, ඔබගේ මේ කියවීම අදට වඩා හෙට දවසේ ජීවත්වන උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන නියම ශ්‍රී ලාංකික දූ පුතුන් අගේ කරාවි.
Nimal Friday, 07 August 2020 08:32 AM
විජිත්, එතකොට ඔය ගිවිසුම මුලින්ම ගෙනාවේ කවුද? ඔයත් මාර කතානේ කියන්නේ...
විජිත් Friday, 07 August 2020 09:24 AM
නිමල් මහත්මයා, සාමාන්‍යයෙන් මම කාටවත් පිළිතුරු දෙන්නේ නැහැ. මේ විශේෂ අවස්ථාවක් ලෙස සලකලා පිළිතුරක් දෙන්නම්. මේ ගිවිසුම මුල්වරට අපේ රටට හඳුන්වලා දුන්නේ 2005 දී මහින්ද රාජපක්ෂගේ කාලයේදී. හිටපු ඇමෙරිකානු තානාපති වන රොබර්ට් බ්ලේක් විසින්. ඔය කතාව කාලයක් ඇදිඇදී ගිහින් අවසානයේදී, යහපාලන කාලයේදී ආයෙත් උඩට ආවා. මම යහපාලන ආණ්ඩුව කිවේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහගේ රජය. රනිල් සහ මංගලගේ ප්‍රධානත්වයෙන් මේ ගිවිසුමට අවසාන අනුමැතිය සිරිසේනගෙන් ලබාගන්න කිහිප වතාවක්ම උපක්‍රමශීලිවත් උත්සාහ කළා, සිරිසේනගේ දුර්වල ඉංග්‍රීසි දැනුම උපයෝගී කරගෙන. මින් ගැලවෙන අවසාන මග ලෙස සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ පවෙන් මිදුණා. ජනාධිපතිවරණයේදී මහින්දලා පෙන්නුවේ මේ mcc බිල්ලාවයි. එයට රැවටුණු මිනිසුන් ගෝඨාට ඡන්දය දුන්නා. ඔහු දිනුවා. නමුත් විද්වත් වාර්තාවෙන් මෙය අපේ රටට හානිකරයි කියා පැහැදිලිව කීවත් අද වෙනතුරු මේ ගිවිසුම අත්සන් නොකරන බවක් රාජපක්ෂලා කියා නැහැ. කියන්නත් බැහැ. ඔවුන්ට රට කරගෙන යන්න නම් කෙසේ හෝ මුදල් අවශ්‍යයි. ඇමෙරිකාව කියන විදිහට කීකරුව මේ ගිවිසුම අත්සන් කළයුතු වෙනවා. හොඳින් හෝ නරකින්....
indunil Friday, 07 August 2020 09:37 AM
තමුන් ඡන්දේ දුන්නු කට්ටිය MCC ගිවිසුමට රෙදි නැතිව කඩේ යමින් කැබිනට් අනුමැතිය අරන්දෙන වෙලාවේ විජිත් මහත්තයගේ ඇඟිලි වෙව්ලන්න ගත්තේ නෑ නේද?.. නැගෙන්හිර ජැටිය ඉන්දියාවට දෙන වෙලාවේ ඇඟිලි වෙව්ලුවේ නැද්ද?.. හම්බන්තොට වරාය විකුණන වෙලාවේ වෙව්ලුවේ නැද්ද?..... දැං ඔය වෙව්ලන්න පටන් අරන් තියෙන්නේ තමුන්ගේ ස්වාමියා පරාජය වීමේ දුකට මිසක් වෙන මොකටද..? අනුන්ට වහල්ලු කිව්වට තමුන් පට්ටම වහලෙක් බව නොතේරීම ගැන බොහොම කණගාටුයි මිත්‍රයා!.
sumudu pereraFriday, 07 August 2020 10:32 AM
ඉඳුනිල් ඔබ දැනට අවුරුදු 2කට ඉහත ලංකාදීප ඔන්ලයින් හොයාගෙන බලන්න. ඒ දවස්වලත් විජිත් එකල පාලකයින්ටත් mcc ගැන මාර සටනක් දුන්නේ. මම හොඳින්ම දන්නා විදිහට ඔහු වහලෙක් නොවෙයි. ඔහුට අපේ රටේ දේශපාලකයින්ගෙන් යැපීමට අවශ්‍ය නැතිබව නම් හොඳින්ම දනිමි. ඇත්ත ඇති සැටියෙන් කතාකරන ඉතාමත් නිවහල්, නිදහස් අදහස් දරන උගතෙක්. ලෝකයේ තිබෙන ධනවත්ම රටක ජීවත්වන සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේම ඒ රටේ සිටින ශ්‍රී ලාංකිකයින්ට බොහෝ උදව්කරන කෙනෙක්...
විජිත් Friday, 07 August 2020 12:24 PM
indunil මහත්මියනි, ඔබ ලංකාදීප ඔන්ලයින් වලට නවකයෙක් බව හැඟෙනවා. වැරදි නම් සමාවෙන්න. කරුණාකරලා 2005 අගෝස්තු වල ලංකාදීප පුවත්පත් සොයාගෙන බලන්න. මහින්ද රාජපක්ෂගේ රජය රොබර්ට් බ්ලෙක්ස් සමග මේ ගිවිසුම අපේ රටට රහසින්ම හඳුන්වා දෙද්දී මම ඊට විරුද්ධව ලිව දේවල්. ඊටත් පස්සේ රනිල්/සිරිසේන යුගයේ 2017- 2019 කාලයේ mcc වලට විරුද්ධව කොමෙන්ට්ස් 14 - 20 පමණ ලංකාදීප ඔන්ලයින්වල මම දමා ඇති. මම මේ ගිවිසුම් අත්සන් කළ රටවල්වලට වුණු දේ ගැන හොඳින්ම දන්නා නිසයි ඊට විරුද්ධව එදත් අදත් හෙටත් සටන් කරන්නේ. එහෙම නැතිව ශ්‍රී ලංකාවේ සිටින නූගත් දේශපාලුවන්ට කඩේ යන මොලේ අමාරුකාර මෝඩයෙක් නොවන බවත් වටහා ගන්න. අනික ශ්‍රී ලංකාවේ දේශපාලුවන් කියන මොඩයින්ගෙන් මට කිසිවක් අවශ්‍යත් නැත. යමෙක් විවේචනය කරන්න කලින් ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැන මඳක් සොයා බලන්න. එය ලංකාදීපය බලන උගත් බුද්ධිමත් පාඨකයින් හට කරන විශාල ගෞරවයකි... ස්තුතියි.!!!