IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


වැඩ ගොඩක් එකවර කරන නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා

අගමැතිවරුන් දෙදෙනකු යටතේ රාජකාරී කළ අයෙක් දිනෙක රටක රාජ්‍යතන්ත්‍රය මෙහෙයවන පාලකයෙකු බවට පත්වන්නට නම් වාසනා ගුණය තිබිය යුතුමය. ඊට නොදවනි ලෙසින් කාර්යක්ෂම බවද, සකසුරුවම් බවද, පළපුරුද්දක්ද තිබිය යුතුය. මේ සියලු ගුණාංගයෙන් හෙබි වාසනාවන්ත නායකයින් වත්මන් ලෝකයේ නැතිවාම නොවේ.

මේ කියන කතානායකයා සිටින්නේ මෙරටින් සිට සැතපුම් දසදහස් ගණනකින් එහාය. වාමාංශික දේශපාලන මතවාදයට වඩාත් නැඹුරුව සිටි ජසින්ඩා 2017 වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා වනවිට අගමැතිනිය ධුරයේ වැඩ බාර ගනිද්දී ඇය දෙසට ලෝකයාගේ අවධානය වැඩි වැඩියෙන් යොමුවිණි. මේ රාජ්‍ය නායිකාව 37 හැවිරිදි වියේ පසුවීම තවත් විශේෂත්වයකි.


ඉන්පසුව මෑත කාලයේ ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදු කිරීම නිසාවෙනි. මේ සමඟ තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවැනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වීමෙනි. 


තරුණ අගමැතිනියකගේ නායකත්වයෙන් නවසීලන්තයට සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ ඇය තෙවසරක් තිස්සේ විපක්ෂනායක පදවිය හෙබවූ ලේබර් පක්ෂ නායිකාව මෙන්ම 1856 න් පසුව රටේ නායකත්වයට පත්වූ ළාබාලම කාන්තාව ලෙස එරට ඉතිහාසගත වී හමාරය.


පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවැනි ස්ථානයට පත්විය. ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට වෙනත් කුඩා පක්ෂයක් එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. නවසීලන්තයේ හරිත පක්ෂය ද මේ නව සන්ධානයට සහයෝගය දුන්නේය.
ජසින්ඩා ඉතා කෙටි කාලයක් ඇතුළත නවසීලන්තයේ  වඩාත් කතාබහට ලක්වූ දේශපාලනඥවරියයි. අගමැතිවරුන් දෙදෙනකු පසුබිමෙහි සේවය කර හසළ අත්දැකීම් ඇති ජසින්ඩා දක්ෂ තීරණ ගන්නා චරිතයක් වශයෙන් වඩාත් ප්‍රසිද්ධය. නවසීලන්තයේ හිටපු අගමැති ක්ලාක් යටතේ පර්යේෂණ නිලධාරිනියක හා බි්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ගේ ප්‍රතිපත්ති උපදේශිකාවක වශයෙන්ද නවසීලන්ත වත්මන් අගමැතිනිය සේවය කර ඇත. 


පොලිස් නිලධාරියකු වූ පියා සහ පාසලක ආපනශාලා සේවිකාවක වූ මව ඇසුරෙහි මූලික අධ්‍යාපනය ලැබූ නවසීලන්ත අගමැතිනිය පසුකාලීනව සිය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හැමිල්ටන්හි සිට වයිකාටෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූවාය. එහි දේශපාලන හා මහජන සම්බන්ධතා විෂයෙහි සන්නිවේදන අධ්‍යයන උපාධිය හිමිකරගැනීමටද ඇය සමත් වූවාය.


දෙමව්පියන් දේශපාලනයෙහි නිරත නොවූ වටපිටාවක ඇය දේශපාලනයට නැඹුරු වූයේ සිය නැන්දණියක් කම්කරු පක්ෂයේ දේශපාලන කටයුතු වල දීර්ඝ කාලයක් නියැළී සිටීම නිසාවෙනි. 1999 වසරේ දී නැන්දණියගේ ඇරයුමෙන් අතුරු මැතිවරණ අපේක්ෂකයකු ගේ ඡන්ද ව්‍යාපාරයට හවුල් වූ තරුණ ජසින්ඩා පක්ෂයට බැඳී තරුණ ලීගයේ කැපී පෙනෙන සාමාජිකාවක බවට පත් වූවාය. උපාධිය ගැනීමෙන් පසු පර්යේෂණ කරන්නියක වශයෙන් පක්ෂ දේශපාලනයට හවුල් වී සිටි අතර පසුව නිව්යෝක් බලා ගොස් සුළු සේවිකාවක සේ සේවය කරන්නට පටන් ගත්තාය. ලන්ඩන් බලාගොස් ටෝනි බ්ලෙයාර්ගේ අසූ දෙනෙකුගෙන් යුත් උපදේශක කණ්ඩායමට බැඳෙන්නට අවස්ථාව ලැබෙන්නේ එයින් අනතුරුවය. 


එවකට සිටි කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ  බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මුණ ගැසෙන්නට හෝ අවස්ථාව ඇයට නොලැබුණු බව සඳහන්ය. එසේ වුවද ඇය බි්‍රතාන්‍ය අගමැතිවරයාගේ කටයුතු ගැන විවරණය කරමින් දක්ෂ ලෙස රාජකාරි කරන ලද බව සඳහන්වේ. 2008 වසරේ මුල් භාගයේ දී ඇය සමාජවාදී තරුණ සංවිධානයේ සභාපතිනිය වශයෙන් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් ඡන්දයෙන් තේරී පත්වූවාය.


තරුණ අලුත් අදහස් ඇති මේ අගමැතිනිය අසමානතාව තුරන් කිරීම, එරට වැසියන්ට පහසු මිලට නිවාස ලබා දීම සහ ශිෂ්‍ය ණය ගැටලු වලට විසඳුම්, පරිසර සංරක්ෂණය, කාබනික විමෝචනය හා තමන්ගේ ජීවිත කාලයේදී ම න්‍යෂ්ටික බෝම්බ නැති ලෝකයක් බිහිවනු දැකීම සිය ඒකායන අරමුණ බවට පත්කර ගෙන සිටින්නීය. එසේම මේ අග්‍රාමාත්‍යවරිය ස්ත්‍රීවාදය සහ මානසික රෝගීක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬනඟන්නියකද වේ. තවද නවසීලන්තයේ රජ පරපුරේ පාලන අයිතියෙන් මුදවා ගැනීමේ කාර්යටද ඇය අතගසා සිටින්නීය.


අගමැතිනිය වශයෙන් දිවුරුම් දීමෙන් පසු රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවක දී වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු ඇය අම්මා කෙනෙකු වෙන්නේ කවදාදැයි ඇසූ ප්‍රශ්නය නිසා රාජකාරි ජීවිතය හා පෞද්ගලිකත්වය අතර ආන්දෝලනයකට ලක්ව තිබේ. එහි දී උත්තර දුන් ආකාරය ආන්දෝලනයක් ඇති කර තිබේ. අම්මා කෙනකු වෙන්නේ කවදාදැයි ප්‍රශ්නයක් අහන්නට අයිතියක් ඇති බව පිළිගත් අගමැතිනිය නවසීලන්තයේ හැම විවාහක කාන්තාවකගේම ප්‍රාර්ථනය නම් එය බව කියා සිටියාය. 


අගමැති ධූරයට තේරී පත් වූදා සහ එරට සන්ධාන සම්මුතිය නිවේදනය කිරීමෙන් අනතුරුව වාර්තාකරුවන් ඇමතූ ජසින්ඩා ආඩර්න් ලේබර් පක්ෂයේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබීම ”භාග්‍යයක් ලෙසින් සලකන” බව කියා සිටියාය. එසේම සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට උපරිම උත්සාහ දරන බවට ද ඇය ප්‍රතිඥා දුන්නාය. 


නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ඉකුත් ජූනි 21 ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදු කළාය. මේ සමග තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවැනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වේ. දරු ප්‍රසූතිය සඳහා නියම කළ දිනයට දින හතරකට පසු ඇය ඕක්ලන්ඞ් නගරයේ රෝහලකට ඇතුළත් කරන ලද අතර, එහිදී කිලෝ 3.31 ක් බරැති දියණියක් බිහි කළාය. සති හයක ප්‍රසූත නිවාඩු ලබා ගත් කාලයේදී ඇය  සිය නියෝජ්‍ය අගමැතිවරයා වූ වින්ස්ටන් පීටර්ස්ට සිය රාජකාරි පවරනු ලැබුවාය. ඇය සහ ඇගේ සහකරු ක්ලාර්ක් ගෙෆොර්ඞ් දරුවෙක් අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කරනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේදීය. කෙසේ නමුත්, ප්‍රසූත නිවාඩු සමයේදීත් තමන් කැබිනට් පත්‍රිකා පරීක්ෂා කරමින් ඇය දිගටම මූලිකත්වය ගෙන කටයුතු කළාය.


“වැඩ කීපයක් එක විට කරන පළමු කාන්තාව මම නොවේ. සේවය කරමින් දරුවන් ලද පළමු කාන්තාව ද නොවේ. මීට පෙර මේ දෙයම කළ කාන්තාවන් බොහොමයක් ඉන්නවා” ඇය මේ වසර මුලදී නවසීලන්ත ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී පැවසුවාය. සිය ධූරය දරමින් සිටියදී දරුවෙකු ප්‍රසූත කළ පළමු නායිකාව වෙමින් 1990 වසරේදී බෙනසීර් භූතෝ දියණියක බිහි කළාය.


ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අර්බුදයේ දී තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක නිරතව සිටින බවට ඕස්ටේ්‍රලියානු ආණ්ඩුව මීට ඉහතදී නවසීලන්ත ලේබර් පක්ෂයට චෝදනා කළේය. මේ තත්ත්වය යටතේ යළිත් වරක් ඕස්ටේ්‍රලියාව සමඟ සබඳතා තර කර ගැනීම ඇය මුහුණ දෙන අභියෝගයකි. එහෙත් ඒ සියල්ලටම වඩා බරපතළම අභියෝගය විය හැක්කේ නව සන්ධාන ආණ්ඩුව දිගටම පවත්වා ගැනීමය.

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (1)

වැඩ ගොඩක් එකවර කරන නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා

pj Friday, 31 August 2018 09:25 PM

වැඩ ගොඩ කෙසේ වෙතත් රටෙහි ජනතාව අපහසුතාවලට පත්වෙමින් පවතී. පෙර රජයේ ඵලදායි ක්‍රියා නිසාවෙන් තවමත් රට දුවන අතර ඉදිරියදී දෙවියන්ගේ උදව් අවශ්‍ය වන්නේ මේ වනතුරුත් යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් ගැනවත් අවධානය යොමු වී නොමැති නිසාවෙනි. ලොකු කටක් තිබු පමණින් ම පළමු පන්තියේ රටක් දිනවීම කළ නොහැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3113 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12782 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 858 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 798 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 431 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 661 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 271 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 141 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 971 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site