විවිධ දේශපාලන මතවාදයන් සමඟ දෝලනය වන ලොව හතර දිග්භාගයේ සිටන රටවල් එකසිය අනූතුනකට අයත් බිලියන හතකට අධික ජනගහනයක් සමඟ හද බැද ගන්නා රාජ්‍ය නායක තරුවක් වෙනුවෙන් දියත අතිරේකයේ පිටුවක් අද සිට වෙන් වේ.
තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ යන කියමන කලකදී ලංකාවට ගැළපුණත් දැන් එය ගැළපෙන්නේ ක්රෝඒෂියාවටය.
මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ යුරෝපයේ කුඩා රාජ්‍යයක් වන මිලියන 4.28ක ජනගහනයක් වෙසෙන ක්‍රෝඒෂියාව සමත්වුණේ සිය පාපන්දු ඉතිහාසයේ සංධිස්ථානයක් සටහන් කරමිනි. මේ අතරේ පාපන්දු තරඟ නැරඹීමට පැමිණ සිටි සුවිශේෂී කාන්තාවක් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වූ අතර නිතර ඇය වෙතට කැමරාව යොමු විය. ඇය ක්‍රෝඒෂියා ජනාධිපතිනි කොලින්ඩා ග්රැබාකිටරොවික්ය.
පිරිමියෙක් හා ගැහැනියක් අතර ඇති මිත්‍රත්වයක්, බැඳීමක්, ළංවීමක් හෝ අඩුම තරමේ එකිනෙකාට ආසන්නයේ වාඩිවී සිටීම පවා මහා කතන්දරයක් වෙන රටක සිට, ප්‍රංශ ජනාධිපති ගේත්, අපි ක්‍රෝඒෂියා ජනාධිපතිනියත් ඉතාම සමීපයෙන් හැගීම් ප්‍රකාශ කර ගන්නා රූප රාමු රස විඳිමින් සිටින්නෙමු. මේ ප්‍රංශ ජනාධිපති වන එමැනුවෙල් මැක්රොන්ය. ඒ ක්‍රොඒෂියානු ජනාධිපතිනියය. මේ නිදහස, ඒ හැඟීම් ප්රකාශනයන්ගේ විවෘත බව අපට ආගන්තුක වුවද, මේ රටේ බහුතරයක් දෙනා මේ රූප රාමු ගැන සංවේදීව ආදරණීයව බලනවාට සැක නැත! එය එසේම විය යුතුය.
එහෙත්, මේ සිටින්නේ ක්‍රොඒෂියානු ජනාධිපතිනොවී අපේ රටේ නායිකාවක් නම්, ඔබ මේ රූප දිහා මේ බැලූ කෝණයෙන්ම බලනවාද සැක සහිතය. මනුෂ්‍යත්වයට ප්‍රේමයෙන් පිළිතුරු දෙනතෙක් මේ ලෝකය ඉතා සුන්දර බව අප කවදා තේරුම් ගනීවිද?
ඒ මේ කතා මෙසේ වුවද 2015 දී ක්‍රෝඒෂියාවේ පැවති මහමැතිවරණයේදී එරට ජනාධිපතිනිය ලෙස පත් වූ කොලින්ඩා එරටේ මුල් පුටුවට ආ පළමු කාන්තාව මෙන්ම එම තනතුරට පත් වූ ලාබාලම පුද්ගලයාද වන්නීය. එසේම 2017 වසරේදී ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කළ ආකාරයට එම වසරේ ලොව බලගතු කාන්තාවන් සිය දෙනාගේ ලැයිස්තුවේ 39 වැනි ස්ථානයේ පසුවන්නීය.
පැරණි සමාජවාදී රාජ්‍යයක් වූ යුගෝස්ලාවියාවට අයත් පාලන ප්‍රදේශයක් වූ එවකට ක්‍රෝඒෂියාවේ රිජීකා ප්‍රදේශයේ ජීවත් වූ මස් වෙළඳ ව්‍යාපරයක් පවත්වා ගෙන ගිය සාමාන්‍ය යුවළකට දාව 1968 අප්‍රේල් 29 වැනිදා ඇය උපත ලැබුවාය. 1986 වර්ෂයේ ඇයට වසය අවුරුදු 17 වෙද්දීම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිව් මෙක්සිකෝවේ උසස් පාසලක් වන ලොස් අලාමෝස් වෙත පිය නගන්නේ ශිෂ්‍යත්වයක් හිමි කර ගනිමිනි. පසුව සිය රටේ විශිෂ්ට ගණයේ විශ්වවිද්‍යාලයක් වන සර්ග්රේබ් විශ්ව විද්‍යාලයෙන් ඉංග්රසී සහ ස්පාඤ්ඤ භාෂාවන් හා සාහිත්‍ය වෙනුවෙන් කලා උපාධියක්ද හිමි කර ගන්නේ විශේෂ දක්ෂතා දක්වමිනි. පසුකාලීනව ඇය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශ්රාස්ත්රපති උපාධිය ලබා ගනු ලැබුවාය. 2002 වසරේ ඇමෙරිකාවේ ෆුල් බ්‍රයිට් කොමිසම විසින් පිරිනමන අධි ශිෂ්‍යත්වයක් මත ඇමෙරිකාවේ ජොර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන්ද ඇය උසස් අධ්‍යාපනය ලබා ගන්නේ ඇයගේ උගත්කම මනාව පැහැදිලි කර ගනිමිනි. පසුකාලීනව ඇය ආචර්ය උපාධියක් හිමි කර ගත්තාය.
ක්‍රෝඒෂියා ජනපතිනිය ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්රොන් සමඟ පසෙකින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද සිටී.
දැනට පනස් හැවිරිදි වියේ පසුවන කොලින්ඩා ක්‍රෝඒෂියාවේ ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථමයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඇය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලබා ගත් දැනුමෙන් පසුකාලීනව ස්වයංපාලන රාජ්‍යයක් බවට පත්වූ ක්‍රොඒෂියාවේ ක්‍රියාකාරී දේශපාලනය පිවිසෙන්නීය. ඒ 1993 වසරේදී එරට කොන්සර්වේටිව් ක්‍රෝඒෂියන් ඩිමොක්රටික් යූනියන් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිමිනි. එලෙෂ සක්‍රීයව දේශපාලනයට එක්කාසු වුවද, ක්‍රෝඒෂියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ රාජ්‍ය තාන්ත්‍රිකාවක ලෙස සේවය කිරීමට එක්වූවාය. ඉන් හරියටම දශකයකට පසුව එනම් 2003 වසරේ එරට පැවති මහ මැතිවරණයට ඉදිරිපත් වූ කොලින්ඩා එරට මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වූවාය.
එලෙස කටයුතු කරමින් සිටි ඇය ක්‍රෝඒෂියාවේ ජාතික තලයේ දේශපාලනයට එක්වන්නේ 2003 වසරේදීය. ඒ එරට යුරෝපා කටයුතු බාර ඇමතිවරිය ලෙස රාජකාරී බාර ගැනීමත් සමඟය. එම තනතුරට පත් එකම කාන්තාවද ඇයම වූවාය. රාජ්‍ය තාන්ත්‍රිකාවක ලෙස සේවය කරද්දී ඇය ක්‍රෝඒෂියාව සහ නේටෝව සමඟ ඇති අර්බුද විසඳා ගැනීමට විශාල සේවයක් සැපයීම නිසා ජාත්‍යන්තරයේ ප්‍රශංසාව ඇයට හිමි වී ඇත.
2015 වසරේ ජනවාරි 11 වැනිදා පැවති එරට මැතිවරණයෙන් සිය ප්‍රතිවාදියා වූ තිටරොවික් පරදා සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ජයග්‍රහණය කළ කොලින්ඩා එම වසරේ පෙබරවාරි 15 වැනිදා ඉතිහාසගත ක්‍රෝඒෂියානු ජනාධිපතිනිය ලෙෂ දිවුරුම් දුන්නාය.
සිය ධූරකාලය තුළ ඇය සමලිංගික විවාහයන් නීතිගත කිරීම, ගබ්සා තහනම ඉවත් කිරීම, හරිත ආර්ථික සංකල්පය, දේශගුණික විපර්යාසවලට පිළියම් සොයා ගැනීම වෙනුවෙන් කැපව සිටීන්නීය.
ජේකොබ් කිටරොවික් සමඟින් 1996 දී ඇයගේ විවාහය සිදුවන අතරම එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකුද සිටින්නීය. ගෘහ ජීවිතය ඉතාම සාමකාමීව ගත කරබවට එරට මාධ්‍ය වලින් වැඩි ප්‍රශංසාවක් හිමිවූ ක්‍රෝඒෂියා ජනාධිපතිනිය ඉතා භක්තිමත් කතෝලික බැතිමතියක් ලෙසින් වඩාත් ප්‍රසිද්ධය. ඉංග්‍රීසි, ක්‍රෝඒෂියා, ස්පාඤ්ඤ, පෘතුගීසි, යන භාසා ඉතාම චතුරව හැසිරවිය හැකි අතරම, ජර්මන්, ප්‍රංශ සහ ඉතාලි භාෂා වන් තරමක් හොඳින් දන්නා බවද පැවසේ.
ලෝක කුලසාන පාපන්දු තරග වට කිහිපයකින් ජය ගත් ක්‍රෝඒෂියානු පාපන්දු කණ්ඩායම දිරි ගැන්වීමට ඇය කිසිදු ආරක්ෂක රැකවල් නොමැතිව, ඇය උපයා ගත් වත්කම් යොදවා ගෙන සාමන්‍ය පන්තියේ ගුවන් අසුන් වලින් රුසියාවට පැමිණි බවට ලෝක ප්‍රසිද්ධ බි්රතානයේ ගාඩියන් පුවත්පත වාර්තා කර තිබිණි.
එසේම ඇයගේ සුන්දරත්වය සහ සුරූපී බව නිසාම වෙනත් නිරූපිකාවන්ගේ ඡායාරූප භාවිතා කරමින් අන්තර්ජාල හා සමාජ මාධ්‍ය වලින් ඇයට මඩ ප්‍රහාර එල්ල කළ අවස්ථාද ඔනෑ තරම් පවතී. පසුගියදා පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී මෙන්ම ඇයගේ ඉදිරි දේශපාලන කටයුතු වලදී ප්‍රේක්ෂක ඇස වගේම කැමරා ඇසද නිතර යොමුවනු නිසැකයි.
තිළිණි ද සිල්වා
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත
මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට
රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලොව දිනූ සුරූපී ජනපතිනිය
හිරාන් Tuesday, 07 August 2018 07:11 AM
රාජ්‍ය නායිකාවක් ලෙස ඇය ගත් ඇතැම් තින්දු වලට මම පුද්ලිකව විරෝධ මතු කරන නමුත්, ඇය ජනතාව ආකර්ෂණය දිනු නායිකාවක් බවට පත්විම අගය කල යුතුය.