IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


ලක් පොළොව බිලිගත් සුදු මහත්වරු

අධිරාජ්‍යයක් බිඳ දැමූ කෝපි මකුණා-02

 

 

 

කුඩා ඔරු සහ බෝට්ටු මගින් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩියෙන් මෙරටට ගමන් ඇරඹූ කම්කරුවෝ බොහෝ විට උතුරේ කුඩා වරායවලින් මෙරටට ගොඩ බටහ. එකල මාර්ග පහසුකම් නොවූ බැවින් ඝන වනාන්තර මැදින් ඔවුහු මධ්‍ය කඳුකරයට පැමිණියහ. ගමන් වෙහෙස, මැලේරියාව සහ එකල දකුණු ඉන්දියාවේ සුලබව පැවති වසූරිය, කොලරාව වැනි වසංගත රෝග නිසාද මහ මගදී වන සතුන්ට ගොදුරු වීම නිසාද මෙම අසරණයෝ බොහෝ සෙයින් මරණයට පත්වූහ. නැව් බෝට්ටු ආදී විශාල යාත්‍රා මගින් කොළඹට පැමිණි ඉන්දියානුවෝ රාගම පිහිටි කඳවුරකට ගාල්වූහ. ඔව්හු පාන් කෑල්ලක් සහ තේ ටිකකින් සෑහීමකට පත් වූහ. පසුව දුම්රියෙන් වතුකරය බලා ගියහ. මෙම පිරිස්වලට ලැබුණු සැලකිල්ල හුදෙක්ම සතුනට මෙනි.


මිනිස් සමාජයකට අයත් කොටසක් සේ ඔවුන්ට කරුණාවක් නොලැබුණි. එහෙත් ඔවුන් මෙරටට පැමිණියේත් මෙහි සේවය කළේත් කැමැත්තෙනි. මෙම කුමන පීඩාවක් වින්දත් ඉන්දියාවේ තම ගම්මානවලදී ජීවත් වූවාට වඩා හොද ජීවන තත්ත්වයක් ලැබුණු බවට ඔව්හු සිතා ගත්හ. ඉන්දියාවේදී ඔව්හු මෙයට වඩා දුක් වින්දහ. ආහාර තිබුණේම නැත. මෙහිදී රැකියාවේ ස්ථිරත්වය ඔවුහු දැන සිටියහ. ලැබෙනුයේ ඉතා අවම වැටුපකි. වතු පාලකයෝ ඉතා සුළු දෙයටත් මොවුන්ට පහර දුන්හ. ජීවත් වීමට සිදුවූයේ සතුන්ටවත් වාසය කිරීමට සුදුසු නොවූ පේළි ගෙවල්වලය. ඒවා හැදින්වූවේ “ලයින්” නමිනි. දුර්ගන්ධයෙන් හා අපිරිසිදුකමින් පිරුණු එම ලයින් කාමරයක සීමිත ඉඩ ප්‍රමාණයක විශාල පිරිසක් ජීවත් වූහ. ඒ මෙම සේවකයන් පැමිණියේ පවුල් පිටින් බැවිනි. මේ අයුරින් නව ජනවාර්ගිකත්වයත් සහ අලුත්ම සංස්කෘතියක්ද බිහි විය.


මධ්‍යම කඳුකරයේ විශාල ප්‍රදේශයක පැතිරී තිබුණු කැලෑබිම් එළි පෙහෙළි කර ප්‍රථමයෙන් වගා කෙරුණේ කෝපි භෝගය වේ. එය ඉතා ලාභ ඉපදවිය හැකි වගාවක් ලෙස ඒ වන විට පිළිගැනීමක් තිබුණි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ තවත් යටත් විජිතයන් වූ ජැමෙයිකාව, ගයනාව වැනි කැරිබියානු කලාපයේ රටවල්වලද කෝපි වගාව ඉතා සරුසාර ලෙස කෙරුණු අතර එම නිෂ්පාදන සමග තරග කළ හැකි මට්ටමට ලංකාවේ කෝපි ඉහළ වටිනාකමක් ලැබුවේය. එහෙත් අවාසනාවකට මෙන් මේ රටේ බෝවුණු කෘමි විශේෂයක් නිසා කෝපි වගාව ටික කලකින්ම විනාශ වී ගියේය. 


කෝපි වනාහි වර්තමානයේ වුවද අරාබි ජනයාගේ සාම්ප්‍රදායික පානයකි. අරාබියේ පවතින කර්කශ වියළි දේශගුණය නිසා ඇති වන ශාරීරික පීඩාවට කෝපි පානයෙන් සහනයක් ලැබෙන බව එම වාසීහු විශ්වාස කරති. ක්වාවාහ් නමින් හැඳින්වෙන මෙම පානය සිරුරට සිසිලක් ගෙන දෙන බව ඔව්හු පවසති. අනාදිමත් කාලයක පැවතෙන මෙම සිරිත නිසා කෝපි පානය කිරීම අරාබි වෙළෙන්දන් මගින් ලංකාවාසීන්ට ලැබෙන්නට අතැයි අනුමාන කිරීමට පුළුවන. කෙසේ වුවත් වගාවක් වශයෙන් කෝපි උපයෝගී කර ගැනීමට පුරුදු කරනු ලැබ ඇත්තේ ලන්දේසි පාලකයන් විසින් බව පිළිගැනීමට සාධක පවතී. 1825 පමණ වන විට ලංකාවේ ගෙවතු වගාවක් වශයෙන් කෝපි වගාව පැවතී ඇති බව කියනු ලැබේ. විශාල වශයෙන් එම වගාව කරගෙන යාම ඇරඹීම දකුණු පළාතේ බද්දේගමදී අක්කර දහයක බිමකින් ආරම්භ වූ බව කියනු ලැබේ. පසුව ආර්. බී. ටයිලර් නමැති වැවිලිකරුවා මෙම වගාව දියුණු කිරීම සඳහා මහත් උනන්දුවෙන් කටයුතු කළ බව පැරණි ලිපි ලේඛනවල දැක්වේ. මේ එකල කෝපි වගාවේ දැවැන්තයින්ව සිටි කැරිබියානු රටවලින් වඩා හොඳ බීජ සහ පැළ මෙන්ම වගාවේ උසස් ක්‍රමවේදයක්ද මෙරටට හඳුන්වා දීමට මෙම පුරෝගාමීහු කටයුතු කළහ. මේ කාලය වන විට ජැමෙයිකාව, ගයනාව මෙන්ම ඩොමෙනිකාවේද බහුල වශයෙන් මෙම වගාව සිදු කෙරුණි. එයට විශාල වශයෙන් යොදා ගනු ලැබුවේ අප්‍රිකාවෙන් ගෙන්වා ගන්නා ලද කළු වහලුන්ගේ ශ්‍රමයයි. පසු කාලීනව වහල් සේවය මෙම රටවල තහනම් කිරීමෙන් පසු කෝපි වගාවට අවශ්‍ය ශ්‍රමය සපයාගැනීම බලවත් ගැටලුවක් වූ බව සඳහන් වේ. මේ හේතුව නිසා කැරිබියානු කෝපි දැවැන්තයන්ගේ ඇදවැටීම සිදුව ඇත. මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට ඉදිරිපත් වූ මෙරට වගාකරුවෝ දැඩි උනන්දුවකින් යුතුව ක්ෂේත්‍රයට පිවිසියහ. ඉතා උපරිම වශයෙන් ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් වූ කෝපි වගාව ලංකාවේ ඇරඹීම සඳහා යුරෝපීය වැවිලිකරුවන් කෙතරම් උනන්දුවක් දැක්වූවේදයත් එම ප්‍රයත්නය හඳුන්වන ලද්දේ කෝපි උන්මාදය යනුවෙනි. මෙරට ප්‍රථම කෝපි වතු යාය 1823 දී ජෝර්ජ් බර්ඞ් නමැත්තා විසින් ආරම්භ කරන ලද්දේ ගම්පොළ ප්‍රදේශයේදීය. මෙය ක්‍රමයෙන් ව්‍යාප්තව ගොස් උඩරට අක්කර ලක්‍ෂයක පමණ බිමක් පුරා පැතිරී ගිය බව සඳහන් වේ.


මෙසේ ඉතා සාර්ථක අන්දමින් සහ ලාභ ලබමින් පවත්වාගෙන ගිය කෝපි වගාවට කණ කොකා හඬන්නට පටන්ගෙන ඇති බව ඒවාගේ හිමිකරුවන්ට පෙනී ගියේ 1883 වසර එළඹෙන විට මකුණු විශේෂයක් බෝවීමෙන් කෝපි පැළෑටියේ රෝගයක් පැතිර යාමට පටන් ගැනීම නිසාය. ්‍යැකදචැකඑසි ්බඑදබසස නම් වූ මෙම මකුණු විශේෂය බෝ කරන රෝගය නම් කර තිබුණේ හැමිලියා වැටැට්රික්ස් :්‍ය්පසකසැ් ඪ්ඒඑරසං* නමිනි. මුලින්ම කෝපි ගසේ කොළවලට වැලඳුණු මෙම රෝගය නිසා එම පත්‍ර වියළී යාමට පටන් ගත්තේ සේනා දළඹුවා බඩඉරිඟු ශාකය ඇතුළට වැදී ඒවාට හානි කරන අයුරිනි. පත්‍රවලින් පසු කෝපි ගසේ අනෙක් සියලුම කොටස්වලටද මෙම මකුණෝ බරපතළ හානි සිදු කළහ. බදුල්ලට ආසන්න මඩොල්සිම ප්‍රදේශයේ වතුයායකින් මුලින්ම හමුවූ මෙම රෝගය කඳුකරයේ කෝපි වතු පුරා පැතිර ගියේය. බි්‍රතාන්‍ය යටත්විජිත පාලකයෝ, තමන්ගේ ආරාධනය නිසා මෙරටට පැමිණ වතු වගාව ආරම්භ කළ ව්‍යාපාරික සගයන්ගේ ආධාරයට පැමිණියහ. කෘමිනාශක ද්‍රව්‍ය හඳුනාගෙන නොතිබුණු එම යුගයේ තම මව් රටේ සම්ප්‍රදායික වගාවට කෘමි හානිවලදී අනුගමනය කළ වත් පිළිවෙත් අනුගමනය කිරීමෙන් කෝපි වගාව බේරා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දක්වන ලද්දේවී නමුදු ඒ සියල්ල ව්‍යර්ථ විය. දිනෙන් දිනම පැතිරී ගිය කෝපි මකුණාගේ ආක්‍රමණය මැඩපැවැත්වීමට හිරු නොබසින අධිරාජ්‍යයේ බලසම්පන්නකම ප්‍රමාණවත් නොවීය. මකුණා ජයග්‍රහණය කළේය. අක්කර ලක්‍ෂ ගණනාවක් වූ කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ ව ගියේය. කෝපි වගාකරුවෝ බහුතරයක් රට හැර ගියහ. තවත් අය වෙනත් වගා දෙසට යොමු වූහ. කෝපි වෙනුවට විකල්ප වගාවන් වශයෙන් කොකෝවා සහ සිංකෝණා වගාව යොදා ගැනීමට උත්සාහ කරන ලද නමුදු තවත් මකුණු විශේෂයක් බෝවීම නිසා එයද අසාර්ථක විය. අවසානයේ සමස්ත කෝපි වගාවම විනාශව ගිය අතර ඒ සෑම භූමි ප්‍රදේශයකම තේ වගාව ප්‍රචලිතව ගිය ආකාරය දක්නට ලැබුණි.


තිස් අවුරුදු යුද්ධයකින් හෙම්බත්ව මහත් පීඩාවට පත්ව, ලක්‍ෂ ගණන් සිය ආදරණීය දූ පුතුන්ගේ ඛේදජනක මරණවලින් ශෝකයෙන් කම්පිතව සිටින ශ්‍රී ලංකා මාතාවට තවදුරටත් සෝ සංකා දරා ගැනීමට හැකියාවක් නොමැති බව ප්‍රකට කරුණකි. එසේ වුවත් ඩොලරයේ අගයට සාපේක්‍ෂව රුපියල බිඳ වැටීම, නොයෙකුත් දේශපාලන කඹ ඇදීම ආදී ව්‍යසන නිසා දැඩි ලෙස ඔත්පලව සිටින්නීය. එසේව තිබියදී නවතම අර්බුදය ලෙස මතුව තිබෙන සේනා දළඹුවාගේ සම්ප්‍රාප්තිය හා උගේ විනාශය දරා ගැනීමට නොහැකි තරම් බරපතළය. එනිසා හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගැනීම මගින් මෙම උවදුර එක්තරා ප්‍රමාණයකට හෝ පාලනය කර ගැනීම මගින් ලංකා මාතාවට සැනසිල්ල උදාකිරීමට අදාළ පාර්ශ්වවලට ශක්තිය ලැබේවායි පතනුයේ කෝපි වගාවට සිදුවූ විනාශයද සිහිපත් කරමිනි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ලක් පොළොව බිලිගත් සුදු මහත්වරු

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3050 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12641 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 812 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 744 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 407 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 555 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 228 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 250 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site