IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රූ රැජිනක් නිසා ලොවේ අවධානය දිනූ බෙලරූස් ජනාධිපතිවරයා

 

 

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දෙනකුගේ කතාබහට ලක්වූ ලෝක නායකයෙක් සිටියේය. ඔහු මෙලෙස කතා බහට ලක්වූයේ  සුරූපිනියක නිසාවෙනි. මේ කියනා ලෝක නායකයා 1994 වසරේ සිට වසර 25 ක් පුරා බෙලරූස් හි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ ආඥාදායකයෙකු ලෙසනි. අද දියත වෙන් වන්නේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ වෙනුවෙනි.


1954 අගෝස්තු 30 වැනිදා උපන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පියෙකු නොමැතිව අවිවාහක මවකට දාව උපත ලැබුවේය. මේ නිසාම ඔහු කුඩා කාලයේදී සාමාජයෙන් විවිධ ගැරහුම් ලැබීය. පසුකලෙක විශ්වවිද්‍යාල උපාධියක් පවා ලබා ගත් ඔහු තරුණ වියේදීම ලෙනින්වාදී තරුණ කොමියුනිස්ට් ලීගයට නායකත්වය දෙන ලදී. ඊටත් පසුව ලුකෂෙන්කෝ හමුදා සේවයට එක්වූ හමුදා නිලධාරියෙකි. එසේම ගොවිපළක හිටපු අධ්‍යක්ෂවරයෙකි.


ජනාධිපති ලුකෂෙන්කෝ විවාහකය. ලුකෂෙන්කෝ විවාහ වී ඇත්තේ 1975 දීය. ජනපතිවරයාට දරුවෝ තිදෙනෙක් වෙති. එම දරුවන්ට ද දරුවෝ සිටිති. ඒ අනුව, ජනපති ලුකෂෙන්කෝ සීයා කෙනෙකි. 


බෙලරූස් යනු අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටකි. බෙලරූස් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1991 අගෝස්තු 25 වැනිදාය. බෙලරූස් රාජ්‍යයට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සිදුවූයේ 1994 දීය. පළමු ජනපතිවරණය ඒ අනුව පැවැත්වුණු අතර, එදා සිට මේ දක්වා ජනාධිපති ධුරය හොබවන්නේ ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ය. සෝවියට් සමූහාණ්ඩුවේ කැඩී බෙදී යාමෙන් ස්වාධීන වූ බෙලරූස් රාජ්‍යයේ නායකයා බවට පත් වූ ඔහුට ගතවූ විසිපස් වසර පුරා පාලන තන්ත්‍රයේදී බිහිවූ එකම නායකයා වීම බටහිර ජනතාවට එතරම් රිස්සූ කාරණයක් නොවීය. වරෙක ඔවුහු ලුකෂෙන්කෝ ගේ රජයේ නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් සම්බාධක පැනවීය. ලුකෂෙන්කෝගේ ප්‍රධාන සතුරා වූයේ ඇමෙරිකාවය. ඉන්පසුව යුරෝපා සංගමයද ලු කෂෙන්කෝගේ රජයට එරෙහිව සම්බාධක පනවන ලදී.
1994 වසරින් පසුව පිළිවෙළින් 2001 වසරේදී, 2006 වසරේදී, 2011 වසරේදී, 2015 වසරේ සිට මේ දක්වාම අවස්ථා පහකදී හෙතෙම එරට ජනාධිපති ධුරය හෙබ වීම වාර්තාවකි.
ජනාධිපති ලුකෂෙන්කෝ සහ එරට රූ රැජිනක් අතරේ රහස් පෙම් හබයක් පවතින බව ප්‍රසිද්ධ රහසක් යැයි පැවැසෙයි. මේ සුරූපිනියගේ නම මරීයා වෙසිලෙවිච් ය. මැය බෙලරූස් (බෙලරුසියාව) ජාතික 25 හැවිරිදි තරුණියකි. පසුගිය නොවැම්බර් 17 වැනිදා බෙලරූස් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ඊට ඉදිරිපත් වුණු මරීයා ජයග්‍රහණය කළාය. අද ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වෙයි.   


2018 දී චීනයේ පැවැති ලෝක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් සුරූපිනියන්ගෙන් කෙනකු වන්නේ මරීයා වෙසිලෙවිච් ය. මරීයා ට කිසිදු දේශපාලන අත්දැකීමක් නැත. දේශපාලන දැනුමක් නැත. මැතිවරණයට අදාළව ඇය කිසිදු ප්‍රචාරණ රැස්වීමකට සහභාගි වූයේ ද නැත. එසේ වුවත්, බෙලරූස් වැසියෝ මරීයා වෙසිලෙවිච් හොඳින් හඳුනති. ඒ, 2018 ලෝක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ නිසාම නොවෙයි. බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ සිත සොරා ගැනීමට මරීයා සමත්වී සිටින නිසාය. 2018 ලෝක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට මරීයාට උදව් කළේ ජනාධිපති ලුකෂෙන්කෝ යැයි ද පැවැසෙයි. එපමණක් නොව, ඇය දේශපාලනයට ගෙන්වා ගැනීමට කටයුතු කළේ ද ජනාධිපතිවරයාමය. 


2018 ලෝක රූ රැජින තරගයෙන් 3 වැනි ස්ථානයට පත්වීමෙන් පසු මරීයා සහ ජනාධිපති ලුකෂෙන්කෝ දෙදෙනා නිතර මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. 2018 රුසියාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරැඹීමට ජනපති ලුකෂෙන්කෝ ගොස් සිටියේ ද මරීයා සමඟය. මෙම වසර උදා වෙද්දී, බෙලරූස් හි මින්ස්ක් අගනුවර සජීවී විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර ඊට සහභාගි වූ මරීයා සහ ජනාධිපති ලුකෂෙන්කෝ එක්වී නර්තනයක් ද ඉදිරිපත් කළහ. 


තවත් වරෙක බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ සිය 11 හැවිරිදි පුතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට රැගෙන පැමිණීම ගැන බොහෝ දෙනා විමතියෙන් බලන්නට විය. එමෙන්ම එවකට ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා විදෙස් රාජ්‍ය නායකයන් පිළිගනිමින්, සිය ආර්යාවද කැටුව ගනු ලබන නිල ඡායාරූපයේද බෙලරූස් නායකයාගේ කොල්යා පුතු දැකීමෙන් ඒ විමතිය දෙගුණ තෙගුණ විය. 


බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ජනාධිපතිවරයාගේ ළාබාල පුත්‍රයා සැනඞ්විච් රසබැලීමේ අරමුණින් ලෝක නායකයන් හා ජාත්‍යන්තර සමුළු හමුවට කැඳවාගෙන නොඑන බවයි. සිය පියා ලෝක නායකයන් හමුවේ මහා මණ්ඩලයේදී කතාව පවත්වන විට මේ පුංචි පුත්‍රයාද රාජ්‍ය  නායකයන් සමග අසුන්ගෙන සිය පියාගේ දේශනයට සවන් දෙන්නට විය. 
බෙලරූස් රාජ්‍ය නායකයා මේ ආකාරයෙන් සිය කුඩා පුතු මෙවැනි විශේෂිත රාජ්‍ය උත්සවවලට කැටුව පැමිණි ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද බොහෝ දෙනා නොදනිති.
පියාගේ නිල සංචාර රැසක කොල්යා දැකගත හැකි වූ අතර, පසුගියදා චීනයේදී පැවැත්වුණු  දෙවැනි ලෝක යුද්ධයේ සැමරුමටද ඔහු පියා සමග සහභාගි විය. රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් ප්‍රමුඛ රාජ්‍ය  නායකයන් සමග සිය පියා ආසන්නයේ සිටගෙන චීන හමුදා ආචාර පෙළපාළි නරඹන ඔහු, චීන ජනපති ෂි ජින්පින් හා ඊට සහභාගි වූ රාජ්‍ය නායකයන් සමග නිල ඡායාරූපයටද පෙනී සිටි බව කියයි. 


මේ සියල්ලෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ, සිය ළාබාල පුතු දැන් සිටම ඔහුගේ අනුප්‍රාප්තික ධුරයට සූදානම් කිරීමක් බව බී.බී.සී.ය වාර්තා කළේය. බෙලරූස් හී 2011 හි පැවැති ජනාධිපතිවරණයට ලුකෂෙන්කෝ හතරවැනි වතාවටත් ඉදිරිපත් වන විට ඊට එරෙහිව විපක්ෂ විරෝධතාකරුවෝ දහස් ගණනින් උද්ඝෝෂණ පැවැත්වූහ. මේ අවස්ථාවේ දී කැරැලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උග්‍ර ගැටුම් හටගෙන තිබේ. විරෝධතාකරුවන් 200කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස දැඩි විරෝධතා තිබියදීත් එම ජනාධිපතිවරණයේ මුල් වටයෙන් බලයේ සිටින ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 72.2% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ජයග්‍රහණය කිරීම ඉතිහාස ගත වූයේය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

රූ රැජිනක් නිසා ලොවේ අවධානය දිනූ බෙලරූස් ජනාධිපතිවරයා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31301 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13495 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 106 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site