IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තරුණ පෙළට නායකත්වය

රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය - 05

 

ලෙනින් තරුණයන්ගේ මිතුරෙක් විය. තරුණ ව්‍යාපාරය ගැන ඉතා සමීප ලෙස හැදෑරු ඔහු ඊට නිවැරදි දේශපාලන ස්ථාවරයක් ගැනීමට ආධාර කළේය. ඔහුගේ උපදෙස් පරිදි පක්ෂය තරුණයන්ට දේශපාලන අධ්‍යාපනය දීම ප්‍රධාන පෙළේ කොමියුනිස්ට්වාදීන්ට පැවරීය. ඔහුගේ මගපෙන්වීම යටතේ තරුණ කොමියුනිස්ට් සංගමය, කොමිසමෝල් සංවිධානය පිහිටුවන ලදී. 

 

1918 ඔක්තෝබර්යේ පවත්වන ලද කොමිසමෝල් සංවිධානයේ ප්‍රථම සමුළුවේ නියෝජිත පිරිසක් ලෙනින් විසින් පිළිගන්නා ලදී. 1920 සරත් සමයේ ඔහු කොමිසමෝල් සංවිධානයේ තෙවැනි සමුළුව අමතා “තරුණ සංවිධානවල කාර්යභාරය” ගැන කථාවක් කළේය. සමුළුව පවත්වනු ලැබුවේ ධවල හමුදා සෙන්පති ව්රාන්ගෙල්ට එරෙහිව දරුණු සටන් ඇවිළෙමින් තිබූ වකවානුවකය. ජාත්‍යන්තර සහ ජාතික තත්ත්වය පිළිබඳ ඔවුන් ලෙනින්ගෙන් වාර්තාවක් බලාපොරොත්තු වූ බව නියෝජිතයෝ පැවසූහ. තරුණ සංවිධානවල කාර්යහාරය මනාව පැහැදිලි බව ඔවුන්ට පෙනුණි. එනම් සටන් කොට ධනේශ්වරය සුන්කර දැමීමයි. එහෙත් ඒ වෙනුවට ලෙනින් යෞවන ජනයාට ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න යනුවෙන් කියා සිටියේය. කොමියුනිස්ට්වාදය ගොඩනැගීම සඳහා ඔවුන් දැනුම ලබාගත යුතුව ඇතැයි ලෙනින් පැහැදිලි සහ සරල වහරින් ඔවුන්ට තේරුම්කර දුන්නේය. කොමියුනිස්ට්වාදය ගොඩනැගිය හැකිවන්නේ විද්‍යාව පදනම් කරගෙන මළු මිනිස් සංහතියම එක්රැස් කොටගෙන ඇති දැනුම ආධාර කරගෙන පමණකැයි ලෙනින් ඔවුන්ට පැවසීය. 
මෙම දැනුම කර්මාන්තය හා කෘෂිකර්මය තුළ ඵලදායි ශ්‍රමය හා සමග සම්බන්ධ කළයුතු යැයි ඔහු කීය. මෙය නොමැතිව කොමියුනිස්ට්වාදය ගොඩනැගිය නොහැකි බව ඔහු අවධාරණය කළේය. කොමියුනිස්ට් තරුණ සංවිධානයේ සාමාජිකයකු යනුවෙන් අදහස්වන්නේ පොදු සුභසිද්ධිය උදෙසා අයෙකුත් සියලු ශක්තීන් කැපකිරීමයි. සෑම දිනම සෑම නගරයකම සහ සෑම ගමකම යෞවන ජනයා කම්කරුවන් සහ ගොවීන් සමග එකතුව කරනු ලබන පොදු ශ්‍රමය වැය කිරීමේ කටයුත්තක කොපමණ සුළු හෝ පහසු වැඩක් වේවා ප්‍රායෝගික වශයෙන් යෙදිය යුතුය. “කොමියුනිස්ට් තරුණ සංවිධානය සියලුම යෞවන ජනයාට කුඩා කල සිටම සවිඥානක සහ විනයගරුක ලෙස ශ්‍රම ප්‍රයත්නයක නිරත වීමට උගැන්විය යුතුයැයි ඔහු කීය.


කොමියුනිස්ට් ආචාරධර්මවල උතුම් මූලධර්ම ලෙනින් තරුණයන් හමුවේ පැහැදිලි කළේය. කොමියුනිස්ට් සදාචාරය කොමියුනිස්ට් සමාජයක් නිර්මාණය කිරීමේ අරගලය පදනම් කරගෙන ගොඩනගනු ලැබ ඇතැයි ඔහු කීය. කොමියුනිස්ට් ව්‍යාපාරය කෙරෙහි කැපවීම, වැඩකරන ජනතාවගේ ප්‍රීතිය සඳහා වූ අරගලයට ජීවිත කාලයම කැපවීම සිය රට කෙරෙහි ආදරය ජාත්‍යන්තරවාදය, කොමියුනිස්ට්වාදයේ සතුරන් සමග නොපෑහෙන බව සමුහායන්තවාදය යන මේ ගුණාංග වලින් නව සමාජයේ මිනිසාගේ සදාචාර චරිතය හැඩගැසී ඇත. 


ලෙනින්ගේ කථාව තරුණයන් සටන් බිමේදී වීර ක්‍රියාවන්ටද වැඩපොළෙහිදී අනාත්මීය ශ්‍රමය වැය කිරීමටද පණගැන්වීය. ඔහු තරුණයන්ට දුන් උපදෙස් හා අවවාදවල වැදගත්කමෙන් අල්පයකුද අද දක්වා කොමියුනිස්ට් නිර්මාණයේ යුගය දක්වා අඩු වී නැත. 


සෝවියට් බලය ශක්තිමත් කිරීමේ කර්තව්‍යය සඳහා ඔහුගේ මුළු ශක්තිය කැපකරමින්ද විදේශීය ආක්‍රමණිකයන්ට හා ධවල හමුදාවලට එරෙහිව සටන් කරමින්ද කොමියුනිස්ට්වාදයේ ජීවගුණයෙන් පොදු ජනයාට අධ්‍යාපනය ලබාදෙමින්ද ලෙනින් විසින් රුසියන් කම්කරු පංතියේ හා බොල්ෂෙවික් පක්‍ෂයේ පොහොසත් විප්ලවීය න්‍යාය නව තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයට ආධාර කිරීමට හා කොමියුනිස්ට් ජාත්‍යන්තරය සංවිධානය කිරීම සඳහා අදාළ කළේය. 1918 අවසාන භාගයේදී ජර්මනියේ, ඕස්ටි්‍රයාවේ, පින්ලන්තයේ, හංගේරියාවේ සහ පෝලන්තයේ කොමියුනිස්ට් පක්ෂ ආරම්භ කරන ලදී. 1919 ජනවාරියේදී ලෙනින් යුරෝපයේ සහ ඇමරිකාවේ කම්කරුවන්ට තුන්වන ජාත්‍යන්තරයක් ගොඩනැගීමට ආරාධනා කළේය. 1919 මාර්තුවේ තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රථම සාකච්ඡා සමුළුව මොස්කව් හිදී පැවැත්විනි. ලෙනින් විසින් එහි වැඩකටයුතු මෙහෙය වන ලදී. ඔහු ධනේෂ්වර ප්‍රජ්‍යාතන්ත්‍රවාදය සහ නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේය. සෝවියට් බලය සහ නිර්ධන පංති ආඥාදායකත්වයේ හරය ගැන කථා කළේය. 
දෙවැනි ජාත්‍යන්තරයේ නායකයෝ මාක්ස්වාදී ඉගැන්වීම් විකෘති කර තිබුණි. ඔවුහු නිර්ධන පංති ආඥාදායකත්වයට විරුද්ධ වූහ. ඔවුන් කවුරුන් සඳහා දැයි ලෙනින් එළිදරව් කළේය. ධනේෂ්වරයේ ගැත්තන් බව පෙන්වා දුනි. 


1918 ඔක්තෝබරයේ ලෙනින් විසින් ලියන ලද නිර්ධන පංති විප්ලවය සහ කෞට්ස්කි ද්‍රෝහියා නමැති සිය කෘතියෙන් අවස්ථාවාදයට මරු පහරක් එල්ල කරන ලදී. 


ලෙනින් මෙම ග්‍රන්ථය ලිවීමේදී විශේෂ උද්යෝගයකින් ඒ පිළිබඳව වැඩකළ බී. ඩී. බොන්ච් බ්රූයෙව්චි සිය මතක සටහන්වල සඳහන් කරයි. ඔහු ඇත්තවශයෙන්ම කෝපාග්නියෙන් දැවෙමින් සිටියේය. මෙම විශේෂ ග්‍රන්ථය ලියමින් ඔහු මුළු දවස් ගණනාවක්ම මහ රෑ යාමය දක්වාම ගත කළේය. 


ලෙනින් එතරම් කෝපයකින් පසුවූයේ ඇයි? ඔහු කාට විරුද්ධව සටන් කිරීමට සැරසී සිටියේද? 


1918 වසර මුල්භාගයේ අවස්ථාවාදයේ දෘශ්ටිවාදියා වූ කාල් කෞට්ස්කි නිර්ධන පංති ආඥාදායකත්වය යන හිසින් පත්‍රිකාවක් නිකුත් කළේය. මේ මගින් ඔහු සමාජවාදී විප්ලවය සහ නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳ මාක්ස්ගේ න්‍යාය විකෘති කළේය. සෝවියට් රාජ්‍යයට අවලාද නැගීය. තවද බොල්ෂෙවික් පක්ෂයේ වැඩකටයුතුවලට අවමන් කළේය. කෞට්ස්කි විසින් කම්කරු පංති උවමනාවන් පාවාදීම ලෙනින් හෙළිදරව් කළේය. එසේම මාක්ස්වාදයේ ප්‍රධාන ශික්ෂාව වූ නිර්ධන පංති ආඥාදායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු විවේචනයට භාජනය කළේය.


ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය පිරිසිදු හා පංති රහිත එතකැයි ඉදිරිපත් කිරීමට කෞට්ස්කි දරන ප්‍රයත්නයන් තහවුරු කළ නොහැකි බව ලෙනින් පෙන්වා දුන්නේය. විවිධ පංති පවතින තාක්කල් අයෙකුට කතා කළ හැක්කේ පංති ප්‍රජාතන්ත්‍රය සූරාකෑමේ යෙදී සිටින සුළුතරයකගේ උවමනාවක් නියෝජනය කරන අතර නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රය ඕනෑම ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රයකට වඩා දස ලක්ෂ වාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී යයිද එය ජනගහනයේ පරම බහුතරයේ වැඩ කරන ජනතාවගේ උවමනාවක් සඳහා ක්‍රියාකරන්නේ යැයිද ඔහු සඳහන් කළේය. 


වැඩකරන ජනතාවගේ ආණ්ඩුව තරම් කිසිම ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී නොවීයයි පෙන්වීම සඳහා ඔහු රුසියාවේ සෝවියට් පාලනයෙහි අත්දැකීම් ගෙනහැර දැක්වීය. නිර්ධන පංති ආඥාදායකත්වයට පින්සිදුවන්නට සෝවියට් ජනතාව සාර්ථක ලෙස ප්‍රතිවිප්ලවයට හා අධිරාජ්‍යවාදීන්ගේ ආයුධ සන්නද්ධ ආක්‍රමණයට එරෙහිව සටන්කරමින් සිටි අතර නව ජීවිතයක් ගොඩ නැගීම ආරම්භ කිරීමට සමත්වූහ. සමාජවාදය සඳහා රුසියාවේ කම්කරු පංතිය හා ජනතාවත් විසින් ගෙනයන්නාවූ අරගලයෙහි දැවැන්ත ජාත්‍යන්තර වැදගත්කම ලෙනින් පෙන්වා දුන්නේය. එය සෝවියට් සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පකෂය කම්කරු පංතිය මුළු මහත් වැඩකරන ජනතාව සෙසු සියලු ජනතාවන්ට ආදර්ශයක් දුන් අරගලයක් විය.

 

 

 

මතු සම්බන්ධයි.

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

තරුණ පෙළට නායකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31245 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site