ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන බර්ක්ලි වළට පැමිණෙන සංචාරක කරුල්ලන් දහස් ගණනක් එහි අඩංගු විෂ හේතුවෙන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශීත සෘතුව ආරම්භවීමත් සමග මෙලෙස සංක්‍රමණය වන පක්ෂීන් වසර ගණනක සිට බර්ක්ලි වළට පැමිණෙමින් සිටි බවත් වෙනත් වසරවල දී ද සුළු පිරිසක් මියයන බවත් පරිසරවේදීහු පවසති. එසේ වුව ද මෙවර දහස් ගණනින් පක්ෂීන් මියයාම කණගාටුදායක දසුනක් බව ද ඔවුහු පවසති.
පසුගිය සතියේ දී බර්කිල් වළට සංක්‍රමණික කුරුල්ලන් 25,000ට වැඩි පිරිසක් ගොඩ බැස්ස බව පරිසරවේදීන්ගේ ඇස්තමේන්තු අනුව පැවසේ. ඒ අතරින් දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් සිටිති.
පතල්වලින් ඉවතලන ආම්ලික අපජලය මේ වළේ රැඳී පැවතීම මීට හේතුවිය හැකි බව ද ඔවුහු කියති.


COMMENTS
කුමාර, මේක වළක් කිව්වට පොඩි විලක් වගේ. බෙර්ක්ලි පිට් ගැඹුර අඩි 1000 පමණ. (නි)
වළ වැහෙන්න උඩින් දැලක් එලුවා නම් මේ ගැටලුව විසඳෙන්න තිබුනා. තරමක් දුෂ්කර වැඩක් වුණත් ඵලදායක දෙයක්. (නි)
මේකට තමයි මහා ලොකුවට දියුණුව, සංවර්ධනය කියන්නේ. ඔහොම යමු. තව අවුරුදු 50- 100 ක් යනකොට තැන් තැන් වල මිනිස්සු දහස් ගණන් මැරිලා ඉඳීවි (නි)