මෙතෙක් හඳුනාගෙන නොතිබූ අරුම පුදුම ඩයිනෝසරයකු සොයාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති. මේ ඩයිනෝසරයාගේ බාහුවක් සොයාගෙන ඇත්තේ 1960 වර්ෂයේ දී ය. ඒ මොංගෝලියාවෙනි. එසේ වුව ද ඩයිනෝසරයා කවර ආකාරය සත්ත්වයකු ද යන්න හඳුනාගැනීමට දශක ගණනාවක් යනතුරු හැකියාව ලැබී නැත.
මේ සත්ත්වයාගේ ඉතිරි අස්ථි කොටස් ද සොයාගත් විද්‍යාඥයන් ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලින් තමන්ට හමුවී ඇත්තේ මෙතෙක් ලොව හඳුනාගෙන නොසිටි අමුතුම ආකාරයේ ඩයිනෝසරය විශේෂයක් බව තහවුරු කරගෙන ඇත.
මේ සත්ත්වයා විශාල හොටයක් හා පිටෙහි යෝධ මොල්ලියක් ඇති කුර සහිත පාද තිබු සත්ත්වයෙකි. අධ්‍යයනයේ පර්යේෂණ ප්‍රධානි කොරියානු භූගර්භ විද්‍යා සහ ඛනිජ සම්පත් විද්‍යායතනයේ යුන්නෙම්ලී පවසන්නේ තම කණ්ඩායම විසින් සොයාගත් අස්ථි කොටස් එකලස්කැර බැලීමේ දී අරුම පුදුම සත්ත්වයකු මැවුණු බවයි.
ශතවර්ෂ භාගයක් යනතෙක් ලොව පුරා විද්‍යාඥයන් දැන සිටියේ අඩි අටක් පමණ දිගැති ශක්තිමත් යටි බාහුවක් සහිත මේ සත්ත්වයාගේ බාහුව අග විශාල නියතුනක් පිහිටි බව පමණි. මේ සත්ත්වයා ඩයිනෝචිරස් මිරිෆකස් ලෙස නම් කැර තිබිණි. භයංකාර අත් යන්න එහි අර්ථය විය. විද්‍යාඥයන් පවසන්නේ නියමගින් ගොදුරු අල්ලාගන්නා ගස්මත එල්ලී සිටින සත්ත්වයකු යැයි සිතන බවයි. කෙසේ වෙතත් මේ සත්ත්වයා ගොදුරු ඇල්ලීමේ ගිජ වුව ද කම්මැලියකු විය යුතුයැයි ද පර්යේෂකයෝ කියති.
මේ සත්ත්වයා මීට 11 ක් හෙවත් අඩි 36ක් පමණ විශාල ටොන් හයක් පමණ බරැති දැවැන්තයකු බව ද ඔවුහු කියති. තාර හොටක් වැනි අවයවයක් සහිත හිසකින් ද පසුපස මොල්ලියකින්ද සමන්විත මේ සත්ත්වයා ගේ කෙටි හා තරබාරු පාද වගුරු සහිත පරිසරයට උචිත ආකාරයෙන් හැඩ ගැසී තිබිණි.
පර්යේෂකයන් අදහස් කරණ්නේ මෙම සතා බොහෝ විට ඉතාමත් සෙමින් ගමන් කල එකෙක් බවත් උදරයේ පිහිටීම අනුව ගස් සහ මත්‍යසන් ආහාර ලෙස ගත් බවත් හෙළිවි තිබේ.
ආචාර්ය යංග් නෙම් ලී පවසන්නේ මොවුනගේ ක්‍රියාකාරකම් ගැන කලින් නොදැන සිටිය මුත් විශාල නිය සමගින් දිග බාහු පාවිච්චි කර ශාක හාරා ගැනීමටත්, එකතුකර ගැනීමටත් හැකියාව තිබූ බව පර්යේෂකයෝ කියති.
පර්යේෂණය ගැන අදහස් දක්වන එංගලන්තයේ රාජකීය පශු සම්පත් කොලීජියේ මහාචාර්ය ජෝන් හචින්ස් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විශ්මය දනවන බවයි.


COMMENTS
පරිසරයට ඔරොත්තු නොදෙන සෑම සත්වයෙක්ම විනාශ වෙනවා. (නි)
සැඟවුණ තවත් මොනතරම් රහස් ඇද්ද? (නි)
අනේ දෙවියන් වහන්ස, මේ සොයා ගැනීම් වලට උත්තර දෙන්න දන්නේ ඔබ පමණි. (නදී)
එතකොට දෙවියෝ ලෝකේ මැව්වනම්, මොකද මේ වගේ සත්තු ඉස්සෙල්ල මැව්වේ? (ර)
මන් ආසයි ඔය වගේ දේවල් වලට. හැබැයි මට ඕව හොයන්න විදියක් නෑනේ. මේ ලෝකේ ඇත්තටම තව කොච්චර නම් සත්තු ඉදල ඇතිද? (ස)
විද්‍යාව දියුණු වේගෙන යන විදිහ බැලුවම දෙයියන්ට උත්තර නැති වෙන දවස බොහොම ලඟයි. (ස)
මිනිසා මැවීමට පෙර තවත් දෙවී කෙනෙක් සත්තු මැව්වද. අනේ මේ විකාර මට නම් තේරුම් නැහැ. මවනවා කියන්නේ මායාවක්. මට නම් හිතෙන්නේ මිනිසා ගොනාට අන්දලා තියන්නේ. කොච්චර දියුණු උනත් ජානවලින් වෙනස් කරන්න බැහැ. ඒ පරම්පරාවල ඇදහීම් සහ සංකල්ප. ඔක්කොම හිතන්නේ තමුන් හරි කියලා. ඔක්කොම දෙනා කාලාම සුත්‍රය හොයාගෙන බැලුවා නම් හොදා (නදී)
දෙයියෝ කලහකාරී අය විනාශ කළා නම් සිරියාවේ ඉරාකයේ අය විනාශ කරන්නේ නැත්තේ ඇයි ? (හේ)
තව ඉන්නවද කියල බලන්න (නදී)
තවත් කොපමණ දෑ මේ විශ්වයේ සැඟවී ඇද්ද? (නි)
දැනුත් ඒ වගේ සත්තු ඉන්නවා. කූඩැල්ලෝ, මදුරුවෝ කියන්නේ ඒ සත්තුන්ට.(හේ)
දෙවියෝ නම් සියල්ල මැවුන්කරු ඇයි සදාකාලික නොවන්නේ?(හේ)
මට නම් පිස්සු වගේ. (නි)
නියමයි ! (නදී)
මේ වගේ අය දැන් හිටියා නම් නියමයි.(හේ)
ඉස්සර හිටි මිනිස් ලේ බොන අමුතු සත්තු ජාතියක් ගැනත් මම අසා තිබෙනවා (නි)
මිනිසා මැවීමට පෙර සිට සත්ව කොට්ටාශයක් පිළිබඳව අල් කුරානයේ සඳහන් වෙනවා. මේ සතුන් බුමියේ කළහාකාරී උන නිසා විනාශ කල බවත් සඳහන් වෙනවා. (ර)
මෙහෙම උනොත් කවද හරි උත්තර නැති වෙන්නේ දෙයියන්ට නෙමේ පැතුම්.. අපිටම තමා.... (ස)
රාස්සගල ඒ කට්ටය ඉන්නේ අපේ පාර්ලිමන්තුවේ (අ)
විද්‍යාව දියුණු වෙනකොට දෙවියන්ටත් දෙවිපිහිටයි...
දෙවිවරු ඉන්නවා නම් අද විශේෂයෙන් ලංකාවෙත් ලෝකෙත් වෙන අපරාධ දකින්න ඕනෑ නේද? (නි)
දෙයියෝ කලහකාරී අය විනාශ කළා නම් සිරියාවේ ඉරාකයේ අය විනාශ කරන්නේ නැත්තේ ඇයි ? (නදී)
සහතික ඇත්ත පැතුම්!(දිල්)